Sunday, July 18, 2010

‍ඩෙංගු මාරයා - ගස්ලබු වීරයා

මීට පෙර ‍ඩෙංගු වලට අපූරු බෙහෙතක් කියා ලිව්ව ලිපියට අදාළ වෛද්‍ය හෙට්ටිගේ මහතා ගැන අද දෙරණ වෙබ් අඩවියේ සදහන් වුනා.මේ තියෙන්නේ ඒ උපුටා ගැනීමයි.

ඩෙංගු රෝගීන් සඳහා පැපොල් (ගස්ලබු) පත්‍රවල යුෂ සුදුසු බව වෛද්‍ය පරීක්ෂණවලින් සනාථ වී ඇත. ළමුන් 10 - 15ත් අතර පිරිසක්ද ඇතුළුව ඩෙංගු වැළදුණු රෝගීන් 70 දෙනෙකු යොදා ගනිමින් සිදුකළ පරීක්ෂණයක් සිදුකර ඇති අතර ඔවුන්ගෙන් සෑම අයෙකුටම පැපොල් කොළ යුෂ මිලි ලීටර් 10ක් පානය කිරීමට දී තිබේ. 

සාමාන්‍යයෙන් සිදුකරන වෛද්‍ය පරීක්ෂණවලින් ඕනෑම රෝගයක් සුවවීමේ ප්‍රතිශතය වන්නේ 50%ක් පමණය. නමුත් පැපොල් යුෂ යොදා ගනිමින් ඩෙංගු රෝගීන් වෙනුවෙන් සිදුකළ මෙම පරීක්ෂණයේ ප්‍රතිඵලය 100%ක් බවට ඔප්පුවී ඇතැයි වෛද්‍ය සනත් හෙට්ටිගේ මහතා ප්‍රකාශ කර ඇත. ඵලදාව ඇති, හොඳින් වැඩුණු රතු වර්ගයේ ගස්ලබු (Red lady) ගසක පත්‍රය පමණක් ගෙන පිරිසිදු ජලයෙන් හොඳින් සෝදා එම පත්‍රය වංගෙඩියක දමා කොටාගත යුතුය. වතුර හෝ ලුණු වතු නොදමා ගස්ලබු කොළය පමණක් මෙසේ හොඳින් කොටා ගෙන එයින් මිරිකා ගත් සාරය බීමට ගත යුතුය. සීනි හෝ වතුර හෝ කිසිවක් මිශ්‍ර නොකර ගස්ලබු කොළ සාරය පමණක් පානය කළ යුතු බව වෛද්‍ය හෙට්ටිගේ මහතා සඳහන් කරයි. 

වැඩිහිටියන් මි.ලී 10ක ප්‍රමාණයක්ද, වයස අවුරුදු 05 - 12ත් අතර ළමුන් මි.ලී 05ක් ප්‍රමාණයක්ද දිනකට දෙවරක් පානය කළ යුතුය. ඩෙංගු වැළඳී අසාධ්‍ය මට්ටමේදී මෙය පානය කිරීමේ ප්‍රතිඵලයක් නොලැබේ. ඩෙංගු යැයි හඳුනාගත් වහාම මෙය පානය කළ යුතු අතර ඩෙංගු රෝගය සඳහා දෙනු ලබන බෙහෙත් සමඟ මෙය බීමට ගත හැකිය. 

මෙසේ පැපොල් කොළ යුෂ බීමට ගැනීමෙන් ඩෙංගු රෝගීන්ගේ සුදු රුධිරාණු මෙන්ම රුධිර පට්ටිකා වර්ධන කෙරේ. එසේම ‍ රුධිරය කැටි ගැසීම වර්ධනය කරන අතර ඩෙංගු වැළඳීමෙන් අක්මාවට වන හානිය යම් තරමක් දුරට සමනය වේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ රුධිර පට්ටිකා 150,000 - 350,000 අතර පවතී. ඩෙංගු රෝගය වැළඳීමෙන් එය 150,000ක් වැනි අඩු තත්වයක් පැවතියහොත් පැපොල් කොළ පානය කිරීමෙන් එය වර්ධනය කරගත හැකිය.

මගේ මව මෙන්ම සහෝදරයෙක්ද මෙම ප්‍රතිකාරය නිසා නිට්ටාවටම සුව වූ අතර මෙය රට පුරා ප්‍රචාරය කිරීම සැමගේ වගකීම වේ.
Dr.Sanath Hettige (MBBS, DFM, MD, MCGP)
The Medical Clinic                                                                            Tel – 0112851517
92,Wattegedara Rd,                                                                        Email – hettiges@sltnet.lk
Maharagama
                

14 comments:

  1. මේ ප්‍රතිකර්මය රෝහල් වල යොදගන්නවාද?...

    ReplyDelete
  2. ඒක නම් මම හරියටම කියන්න දන්නේ නෑ. මම හිතන්නේ නෑ කියලයි

    ReplyDelete
  3. මේක ඇත්ත.. අපේ අම්මාත් දෙතුන් දෙනෙකුටම හදලා දුන්නා මේ දවස් ටි‍කේ..ඇත්තටම හොඳ ප්‍රථිඵල තියෙනවා..

    හැබැයි ඔය කියලා තියෙන ලීටර් ගණන් නම් බොන්න දුන්නේ නෑ. බොහොම සුලු ප්‍රමාණයක් දුන්නේ. අපේ අම්මා මේ බෙහෙත හදලා දුන්නු අයනම් දැන් ගොඩාක් දුරට සුව වෙලා ඉන්නවා.

    වැදගත් ලිපියක්.. මමත් මේ ගැන ලියන්නයි හිටියේ..

    ReplyDelete
  4. තවත් බෙහෙතක් තියෙනවා 100% ක්ම සාර්තකයි.

    දැනට 2 weeks වලට ඉස්සර......
    මගෙ නැදැයෙක් වෙන මල්ලි කෙනෙක්ට ඩෙංගු හැදිලා අසාද්‍ය වුණා.
    Doctorස් ලා කිව්වා..Blood count 35% බැහැලා..sorry ම..තමා..

    ඹය අතර Doctor කෙනේත් ගැන අරංචි වුණා. අපේ මහම්මා Doctor ව
    හොයා ගෙන ගියා. ලෙඩෙ කියලා bohoma amaruwen beheth illagena Ledata genath dunna. itapasse 35% thibuna bloood count 1 95% DAWASIN prathipala...pahuwa da Ticket kapala gedara yawwa... Dan kisima ledak amaruwak naa.....me behetha dunnanam dengue haduna ayawa bera ganda puluwan... mata me gana liyanna wela madi ekai singlish walin liwwe...

    thawa wisthara onanam mata E-mail hari call hari karanda.... dengue haduna kenekwa bera ganna eka loku pinakkk....

    Mobile: 0712512216 (Rangana)
    E-mail: ranganasr@gmail.com


    anjana ayye oyage me lipiya godak watinawa...Thnxx

    ReplyDelete
  5. ෂා, අංජන මල්ලිගේ පෝස්ට් එක දකින්න කලින් මමත් මේ දැන් ඩෙංගු වලට ගස් ලබු කොල ඉස්ම ගන්න එක ගැන පෝස්ට් එකක් දැම්ම විතරයි මේක දැක්කෙ. එහෙනං මේක ලංකාවෙ ටෙස්ට් කරලා ප්‍රථිඵල ලැබිලා තියෙනවා. කොච්චර ලොකු දෙයක්ද ? ඉතින් ඇයි මේකට හොඳ ප්‍රචාරයක් නොදෙන්නෙ ? ජීවිත් කීයක් බේරගන්න පුළුවංද මේකෙන් ?

    ReplyDelete
  6. මාත් මේ අයියගේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දැම්මා විතරයි. අපි පුළුවන් තරමින් මේක ප්‍රචාරය කරනවා. ඒත් තාම බලධාරීන්ගේ අවධානය නම් යොමු වෙලා නෑ වගේ

    ReplyDelete
  7. මගේ මල්ලිට ඩෙංගු හැදුන වෙලාවෙ, ඔය ප්‍රතිකාරය කළා. බොහොම සාර්ථකයි. පෞද්ගලිකව ප්‍රතිකාර කරපු වෛද්‍යවරයා කියපු විදියටනම්, කුරුණෑගල ශික්ෂණ රෝහලේත් ඔය ප්‍රතිකාරය කරනවා.

    ReplyDelete
  8. අපේ කාර්යාලයේ නංගියෙක්ගෙ Mother-in-Law ට ඩෙංගු හැදිලා. දැනට රෝහලේ ඉන්නෙ... මම මේක කියවපු ගමන්ම එයාට පණ්විඩය දීල තමයි මේ comment එක දාන්නෙ.. බොහොම ස්තූතියි අංජන ඔයාට.. මම මේ බ්ලොගයට ආවෙ “දුමීගේ කට කහන කතා“ වලින් අදමයි...

    ReplyDelete
  9. ම්ම්ම්ම්...
    මම අද හිරැ එකේ නිව්ස් අහනකොට ඒකෙ කිවුවා ලංකාවෙ වෛද්‍යාචාර්ය කෙනෙක් ඩෙංගු වලට බෙහෙතක් හොයාගෙන කියලා. ඒ වගේම එයා ඒ බෙහෙත ලියාපදිංචි කරලත් තියෙනවලු..

    එයා හොයාගෙන තියෙන්නෙත් මේ ගස්ලබු ආශිත බෙහෙතක්.. එතුමා කියන විදියට රෝගය හැදුන කෙනෙක්ට ‍ගස්ලබු ගෙඩියක් කන්න දීලා පිරිසිදු කිරි වීදුරැ 3ක් බොන්න දුන්නම ලෙඩේ හොද වෙනවලු..


    (මේ නිවුස් එක මට ඇහුන හැටි..)

    ReplyDelete
  10. දුමී ගෙ බ්ලොග් එකෙන් මේ පැත්තට ආවෙ. වටිනා ලිපියක්.

    ReplyDelete
  11. අඹ සමඟ සුදු කිරි පානය කිරීමෙනුත් පුළුවන්ලු......
    http://www.lankadeepa.lk/2010/07/19/front_news/02.html
    http://www.lankadeepa.lk/2010/07/18/front_news/04.htm

    ReplyDelete
  12. දුකා, දුමී, අංජන ඔයාලාට ගොඩාක් පින් යාළුවාගෙ නැන්දම්මට දැන් සනීපයි. එයා ඊයෙ ගෙදර එක්කගෙන ඇවිත්...

    මට පහුගිය ටිකේ comment එකක් දාන්න බැරිව හිටියේ.. හැබැයි එයාල දීල තියෙන්නෙ red lady නෙමේ.. අපේ ගම්වල හැදෙන ගස්ලබු ගහක කොළ ඉස්ම... ඒ වගේම උදේ ...හවස දෙන්න බැරිවෙලා.... එක ළඟ දවස් දෙකක උදේ දීලා.... අද උදේ office ආව ගමන් ඒ නංගි කියනවා අනේ අක්කා අම්මට සනීපයි... ඔයාගෙ යාළුවන්ට පින් දෙන්න කියලා....

    ReplyDelete
  13. අහන්නත් සන්තෝසයි! අපිට නෙමෙයි මේවා රටට හෙළිකල ඒ දොස්තර මහත්තයාට තමයි පිං දෙන්න ඕනේ.

    ReplyDelete