Saturday, August 29, 2009

වැඩ ඇරී වැඩට යන කාන්තා පරපුර උදෙසාමය

අදටත් අප රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන අංශ වන්නේ, තේ හා ඇගලුම් කර්මාන්තය වගේම අවාසනාවන්ත ලෙස විදේශ රැකියා. විශේෂයෙන්ම විදේශ ගහ සේවයයි.

බොහෝ දෙනෙක් දන්නවා වුනත් බොහෝ දෙනෙකුට පහසුවෙන්ම අමතක වන දේ තමා මේ හැම කර්මාන්තයක් වෙනුවෙන්ම දහඩිය කදුලු හෙලන්නේ අපේ රටේ අපේම අම්මලා නැන්දලා වගේම ‍අපේම අක්කලා නංගිලා කියන එක. ඒ මොන වැඩේ එක්ක ඔට්ටු වුනත් ගෙදර ආපු ගමන් ගෙදර හැමෝගෙම ඕනෙ එපාකම් ගැන හොයල බලලා රසට කෑමක් හදල දෙන්නත් ඒ අය අමතක කරන්නෙ නෑ. එහෙම තම්බලා දෙන බත් මුට්ටියේ හයිය හත්තියෙන් ඒ අයට පොඩි හෝ විවේකයක් දෙන්න කාලය ඇවිල්ලා කියලයි මට නම් හි‍තෙන්නේ.

මා මෙහි මාතෘකාව යොදා ගත්තේ ගැහැණුන් වැඩ ඇරී වැඩට යති යන කවි පදයෙනි.අවාසනාවකට නිර්මාණකරුගේ නම නම් මම නොදනිමි

3 comments:

  1. ඇත්තටම ලංකාවෙ බහුතරයක් තවමත් නොහිතන පැත්තක් ඒක.

    අංජනගෙ ලිපි කිහිපයක්ම මම කියෙව්වා. බොහොම කෙටියෙන්, වැදගත් කරුණක් මතු කරලා දක්වන්නට ඔබට සහජ හැකියාවක් ඇති බව පේනවා. ඇයි නිතර නොලියන්නෙ?

    ReplyDelete
  2. @ නලිනි
    බොහොම ස්තූතියි.
    ඔවි ඇත්තටම තව ලියන්න ඕනේ. ලියන්න දේවලුත් ගොඩක් තියෙනවා.

    ReplyDelete