කතාව පටන් ගන්න කලින් අපි ටිකක් අතීතයට යමු. වැඩි ඈතකට නෙමෙයි මීට අවුරුදු 60කට විතර අතීතයට. හරියටම කියනවා නම් වර්ෂ 1955 ට. ඒ කියන්නේ අපි නිදහස ලබලා වසර හතක් ඉක්ම ගිය තැන. ඇත්තටම එදා රටේ ආර්ථික තත්වය මොනවගේද? ටිකක් බලමු ඒ ගැන.
රටේ මුලු ආදායම - රුපියල් මිලියන 1159
රටේ මුලු වියදම - රුපියල් මිලියන 1008
අයවැය අතිරික්තය - රුපියල් මිලියන 91
විදේශීය වත්කම් ප්‍රමාණය - ඩොලර් මිලියන 258 ( මෙය එවකට මාස 10ක ආනයන වලට ප්‍රමාණවත් විය)
මුලු විදේශ ණය - ඩොලර් මිලියන 43 ( දල ජාතික නිෂ්පාදනයෙන් 3.9%)
එදා මුලු මහත් ආසියාකරයේම ලංකාවට වඩා ඉදිරියෙන් හිටියේ ජපානය පමණයි. නමුත් ජපානය ඒ වන විටත් යුද්ධයෙන් වූ හානියෙන් පීඩා විදිනවා. කොරියාව යුද්ධයෙන් දෙකඩ වෙලා. භාරතය ඉන්දියාව පකිස්තානය ලෙස දෙකඩ වෙලා. එදා ආසියාවේ පැහැදිළි අනාගතයක් හිමි ඒ සදහා හොද පදනමක් ඇති රට වශයෙන් සැලකුවේ අපේ මේ ලංකාවයි. ආසියාවේ ඇතැම් රටවලට අදටත් නැති පැහැදිලි නීති පද්ධතියකින්, විධිමත් රාජ්‍ය සේවයකින් මෙන්ම විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයකින් පමණක් නෙවේ මනා මාර්ග පද්ධතිකින් යුක්ත වූ මේ පුංචි රට බොහෝ දිගු ගමනක් යාවි යැයි බොහෝ ලෝක නායකයන් සිතුවා. සිංගප්පූරුවේ ලී කුවාන් යූ ඒ අතරින් එක් අයෙක්. එදා මේ තත්වය නිකම් හරියට හාවාගෙයි ඉබ්බගෙයි රේස් එක වගෙයි. නමුත් අවාසනාවකට මේ කතාව අන්තිමට අපේ ආච්චිලා අපට කියා දුන්නු හාවාගෙයි ඉබ්බාගෙයි කතාව වගේම වුනා. අන්තිමට ඉබ්බො ඔක්කෝම ටික හාවා පහු කරගෙන ගියා.
එදා අපේ තොටලග හා වෙනත් ප්‍රදේශ වල ඉන්න දුප්පත් පැල්පත් වාසීන් ඉන්න ප්‍රදේශ වලට කිව්වේ කොරියාව කියලයි. ඇත්තටම එදා මුලු කොරියාවම පැල්පත් වලින් පිරී ඉතිරුනා. නිකම් හරියට මහා අනාත කදවුරක් වගෙයි. ඒත් අද? අපේ කොරියාව නම් එහෙමමයි. හැබැයි කොරියාව නම් බොහෝම දුර ගමනක් ගිහින්. එදා අපේ රටේ ඒක පුද්ගල ආදායමෙන් තුනෙන් එකක් තිබූ කොරියවේ අද ඒක පුද්ගල ආදායම අපේ වගේ දොළොස් ගුණයක්.
මේ තත්වය ගැන සිංගප්පූරුවේ නායක ලී කුවාන් යූ මහතා තම තුන්වන ලෝකයෙන් පළමු ලෝකය කරා යන ග්‍රන්ථයේ මෙසේ සදහන් කර ඇත.
Ceylon was Britain’s model Commonwealth country. It had been carefully prepared for independence. After the war, it was a good middle-size country with fewer than 10 million people. It had a relatively good standard of education, with two universities of high quality in Colombo and Kandy teaching in English, a civil service largely of locals, and experience in representative government starting with city council elections in the 1930s. When Ceylon gained independence in 1948, it was the classic model of gradual evolution to independence.
Alas, it did not work out. During my visits over the years, I watched a promising country go to waste
ඉතින් මොනවද හිතෙන්නේ? දුකක්, කේන්තියක්, කළකිරීමක් එහෙමත් නැත්නම් ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැක ගන්නේ වගේ හැගීමක්? හැබැයි තියෙන හකුර රැක ගන්නා අතරම ගිය හකුරත් කෙසේ හෝ සොයා යන්නට කාලය ඇවිල්ලා කියලයි මම නම් හිතන්නේ.
මේක කියවගෙන යනකොට ඕනෑම කෙනෙකුට හිතෙන දෙයක් තමයි ඇයි අපිට මෙහෙම උනේ කියලා. ඇත්ත අපිට මෙහෙම උනේ ඇයි කියලා ආපස්සට හැරිලා බලන්නත් කාලය ඇවිල්ලා. එහෙම නැතිවුනෝතින් අනාගතයේදීත් අපි අතින් ඒ වැරදි නැවත නැවතත් සිදු වේවි. අනිත් අතට අනෙකුත් රටවල් අපව පසුකරගෙන සංවර්ධනය කරා ගිය මාර්ගය කුමක්ද? ඔවුන්ගේ උපක්‍රම මොනවාද කියලත් හොයල බලන්න කාලය ඇවිත්.
අපි නිදහස ලබලා වසර 60කුත් ගෙවිලා ගිහින්. මේ අවුරුදු 60න් අවරුදු 50කටත් වැඩි කාලයක් මේ රටේ බොහෝ අය දේශපාලන තීන්දු තීරණ ගත්තේ බඩ ගැන හිතලයි. ඔබත් මමත් අපේ දෙමාපියන් විතරක් නෙමෙයි ආච්චි සීයා ද මේ ගොඩට අයත් වෙනවා. ආර්ථිකයේ ප්‍රධානතම නියමයක් තමයි ඉල්ලුමට අනුව සැපයුම. මෙය දේශපාලනයටත් අදාළයි මොකද එක්තරා ආකාරයකට දේශපාලනය යනු වෙළද පොළකි. ඒ නිසා අපේ දේශපාලන පක්ෂත් ජනතාවගේ බඩ ඉලක්ක කරගෙන දේශපාලනය කළා. අදටත් එක්තරා ප්‍රමාණයකට කරනවා. හාල් සේරුව, ධාන්‍ය රාත්තල දේශපාලන කරලියට ආවේ අන්න එහෙමයි. මෙවැනි පසුබිමක් තුළ පෙර සදහන් ආකාරයේ ආ මග පිළිබද පසුවිපරමක් මෙම සමාජයෙන් බලාපොරොත්තු වන්නට බෑ.
නමුත් වසර දෙදහසින් මෙහාට මෙහි යම් වෙනස් කමක් ක්‍රමයෙන් දකින්ට ලැබෙනවා. පසුගිය ජනාධිපතිවරණය ගත්විට මේ රටේ අතිමහත් බහුතරයක් කුමන අපේක්ෂකයකුට තම මනාපය පළ කළත් ඒ පළ කලේ තමන් බඩට වඩා මේ රටට යමපත් කිරීමට බව අප තේරුම් ගත යුතුයි. අන්න ඒ නිසයි ආ මග දෙස ආපසු හැරී මේ රටට අවැසි තේරුම් ගැනීමට කාලය ඇවිත් කියා පැවසූයේ.
අපට වැරදුනේ කෙසේද කියා සංවදෙයක් මෙන්ම ඒ වරද හදාගෙන ඉදිරියට යන්නේ කොහොමද කියන එක ගැන සංවාදයක්ද අප අතරින්ම ඇතිවිය යුතුය. ඇත්තෙන්ම මේ ගැන මේ ලිපියෙන් කතා කරන්නට ගියෝතින් මේ ලිපිය ඕනෑවට වඩා දික් වේවි. ඒ නිසා ඒ ගැන අපි ඉදිරි ලිපියකින් කතා කරමු. ඒ වගේම මේ ඔබේ අදහස් ඉදිරි ලිපි සකස් කිරීමේදී බෙහෙවින් වැදගත් වේවි. මුලින් කිව්වා වගේ අපට මේ පිළිබදව සංවාදයක් ඕනෑ කරනවා. මේ ඒකට හොදම කාලයයි.
(මූලාශ්‍ර පාඨලී චම්පික රණවකයන්ගේ ඉදිරි දැක්ම 2020)
ඔබ කියූ ලෙස මේ ආකල්ප වෙනස ලාංකිකයන් අතර වසර දෙදහසින් පසුව සිදු උනත් දේෂපාලන වෙනස සිදුවුනේ මීටත් වසර කීපයකත පෙරයි. පටිසෝතගාමීව තිස් වසක්
ReplyDelete(http://www.champikaranawaka.com/common/pdf/books/patisothagamiwa_tis_wasak_sinhala.pdf)
කියවා බලන්න.
ඉදිරි දැක්ම
ReplyDelete(http://www.champikaranawaka.com/common/pdf/books/idiri_dekma_2020.pdf)
කතාවට වැඩිය වැඩ කරන නායකයින් අපිට ඕන.. කයිය ගහ ගහ කාලේ නාස්ති කරන නායකයින් නිසා තමයි ලංකාවට කෙල වුනේ....
ReplyDelete@ Anonymous
ReplyDeleteතාම පටිසෝතගාමීව තිස්වසරක් පොත කියවන්න නම් බැරි වුනා. බොහොම ආසාවෙන් ඉන්නේ කියවන්න.
@ Naveen
Yap I think that is one of the main reasons
This comment has been removed by the author.
ReplyDeleteඔන්න මම නම් outsider ගේ comment එක අයින් කලේ නෑ
ReplyDeletegood post machan so champika and all have to think who got the decisions to reverse that prosperity. thoroughly learn the history after the Independence. then u can find who are the culprits.
ReplyDeletei think champika also has such narrow minded politics. u can see them by below links.
http://www.dailymirror.lk/index.php/news/2782-moves-to-limit-alcohol.html#comments
http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=6115:2010-04-01-08-57-41&catid=35:2008-10-13-08-30-14&Itemid=63
http://kaushgossip.blogspot.com/2010/04/blog-post.html
ReplyDeleteehenam kavuda eka remove kale
ReplyDelete@අංජන
ReplyDeleteනියමයි බාගෙන කියවන්න 1985-2009 ලංකාවේ දේශපාලන ඉතිහාසය කියෙව්වා වගේ ඒක කියෙව්වහම.
මම උඩම comment එකේ link එක දාල තියෙන්නෙ.
BTW
කට්ටත් මාර comment එකක් දාල තියෙන්නෙ
@ katta
ReplyDeleteමිනිසා හට සොදුරු ගුණ සහ නුගුණ ඇත
නිදොස් කෙනෙක් මෙදියත උපදිනේ නැත.
ඉතින් අපි කාගෙන් උනත් ගන්න පුළුවන් හොද දෙයක් තියනවා නම් ගමු.