Friday, July 2, 2010

ඩෙංගු වලට අපූරු බෙහෙතක්

ඩෙංගු.... සමාජයක් විදිහට අප ඉදිරියේ පවතින තවත් එක් අභියෝගයක්. නමුත් අපේ අවාසනාවකට මෙන් අනවශ්‍ය ආකාරයෙන් දේශපාලනී කරණය වීම නිසා උඩු දුවපු, එක තැන පල්වුනු එහෙමත් නැත්නම් වන වුනු ප්‍රශ්නයක් විදිහටයි මම මෙය දකින්නේ. විශේෂයෙන්ම මේ අනවශ්‍ය දේශපාලනී කරණය වීම නිසා මෙහි සම්පූර්ණ වගකීම රජය හා ඊට සම්බන්ධ ආයතන වලට පැවරීමටත් මේ සම්බන්ධයෙන් තමන්ගේ වගකීමෙන් මිදීමටත් රටේ බොහෝ දෙනෙක් පෙළඹී සිටින බව මගේ හැගීමයි.

මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු සිතන්නේ කියුබාවෙන් BTI බැක්ටීරියාව ගෙන්වීමෙන් මීට සදාකාලික විසදුමක් ලැබෙන බවයි. මීට පෙර ලිපියකින්ද මා පෙන්වා දුන්නේ එය එසේ නොවන බවයි.

අද මා සදහන් කරන්නේ මීට අපේ රටේම වෛද්‍යවරයෙක් විසින් සොයාගත් අපූරු බෙහෙතක් ගැනයි. කවුරුත් දන්න දෙයක් තමයි ඩෙංගු වැළදුනු විට අපේ රුධිරයේ රුධිර පට්ටිකි සීඝ්‍රයෙන් අඩුවන බව. සාමාන්‍යයෙන් අපේ රුධිරයේ රුධිර පට්ටිකා 150,000-450,000 ප්‍රමාණයක් රුධිර මයික්‍රො ලීටරයක තිබිය යුතුයි. රුධිර වාර්ථාවක මෙය දැක්වෙන්නේ PLT නමින්. ඩෙංගු වැළදුනු විට මෙය 50,000 දක්වා වුවත් අඩු වීමේ අවධානමක් පවතිනවා. සාමාන්‍යයෙන් භාවිතා වන බටහිටඖෂධ වලින් දිනකට මෙය වර්ධනය කරගන්නට පුළුවන් වන්නේ 10,000 පමණය. නමුත් මේ අපූරු ඖෂධයෙන් 70,000 පමණ වර්ධනයක් ලබා ගත හැක. මේ ඖෂධය තව දුරටත් අපූරු වන්නේ එය ලංකාවේ ඕනෑම ගෙවත්තක පහසුවෙන් වැවෙන ශාකයක් වීමයි. මේ දැක්වෙන්නේ පසුගිය දිනක මෙම ඖෂධය ලබාගත් රෝගියකුගේ විස්තරයි.

මෙහිදී 28 දා මෙම ‍ඖෂධය භාවිතා කළ අතර පැය 24ක කාලයක් තුළදී රුධිර පට්ටිකා 134,000 සිට 207,000 දක්වා වර්ධනය විය.

නමුත් අවාසනාවකට මේ ගැන තවමත් රටේ බලධාරීන්ගේ අවධානය යොමු වී නැත. ඒ නිසාම මේ ගැන කිසිදු හෙළිදරව්වක් කිරීමට මා පැකිළෙන්නේ කොතළ හිඹුටු වලට වූ දේ මෙයටත් වේ යැයි බියෙනි. නමුත් ඇත්තෙන්ම අප මේ ගැන රටේ අස්සක් මුල්ලක් නෑරම ප්‍රචලිත කළ යුතුය. එය‍ මා සිතන්නේ අප සැමගෙම යුතුකමකි.
‍‍
ඩෙංගු ගැන දේශපාලන කෝණයකින් නොව මිනිස් හදවතකින් බලමු. තමන්ගේ ගෙවත්තේ, ආයතනයේ ඩෙංගු මදුරුවන් බෝ නොවීමේ වගකීම තමන් අතට ගන්න. ඩෙංගු නැතිකළ හැක්කේ සමාජීය එකමුතුවකින්ම පමණී. නැතුව බැක්ටීරියාවකින්නම් නොවේ.

5 comments:

  1. ශාකයේ නම මොකක්ද? අපිටත් පුලුවන් නේ හොඳ දෙයක් නම් උදව්වක් දෙන්න

    ReplyDelete
  2. පැපොල් නේද? මං අහලා තියෙනවා ඒ කථාව. හොඳයි මෙහෙම පෝස්ට් එකක් දාපු එක. ගහේ නමත් ඔයාම දාන්න. ප්‍රයෝජනයක් ගන්න කෙනෙක් ගනී නේ නේද?

    ReplyDelete
  3. මම දන්න තරමින් ඔය ශාකය කුරුණෑගල ශික්ෂණ රෝහලේ භාවිතා කරනවා.

    ReplyDelete
  4. අයියා, ඇත්තටම RanDil කිව්ව වගේ මේ ඖෂධය පැපොල්ද?

    ReplyDelete
  5. "ඩෙංගු නැතිකළ හැක්කේ සමාජීය එකමුතුවකින්ම පමණී. නැතුව බැක්ටීරියාවකින්නම් නොවේ"..මෙන්න ඇත්ත......අවුල කියන්නේ අපිට නැත්තෙත් ඕකමයි.....ඒ කියන්නේ ඩෙංගුත් අපිත් එක්ක චිරාත් කාලයක් ඉඳීවී....:(...

    ReplyDelete