සෝම
සමිඳුන් මෙරටින් නික්ම ගියහ. අද මුළු මහත් ජාතියටම ඒ හඬ අමතක වී ඇත. ඒ හඬ සමාජයෙන්
මැකී ගොස් ඇත. එහෙත්, එදා ජාතියට පණ පෙවූ ඒ වදන් මොහොතකට හෝ මතක් කර ගත යුතුව ඇත.
එදා
ඒ රැල්ල හැමුවේ කොයි දිශාවටද? දරුණු යුද්ධයක බියකරු හඬ දසතින් පැතිරෙන වකවානුවේ දී
ජාතිය ඇමතූ සෝම සමිඳු නිහඬ කරවූයේ කවුද? සෝමහාමුදුරුවනේ නැවත වඩින්න! අපට නායකයෙකු
නැත. මෙවන් ඉල්ලීම්, කහ කොඩි මුළු රට පුරා ලෙළ දුන්නේ හදවතේ ශෝකාලාපයන් තුලිනි. මළ
මිනී ගමක් ගමක්ගානේ උතුරින් පැමිණෙද් දී, සෝම හාමුදුරුවන් ද රටින් නික්ම ගියේ ය.
මෙසේ
වා තලයට එක් වූ දරුණු සෝ සුසුම් තුලින් බිහිවූ පක්ෂයක් විය. ඒ ජාතික හෙළ උරුමයයි.
ඔබ සැම සංඝයා වහන්සේලාට ඡන්දය දුන්නේ සෝම සමිඳු නැති අඩුව පුරවාලීම පිණිසය. එසේ
නොවේද? අද ඔබලාගේ අරමුණ ඉෂ්ට වී ඇති ද? මදක් සිතන්න. එක අතකට යුද්ධය නිමාකරවීමෙහි
ලා ඔබගේ ඡන්දය ඵලදායී ලෙස උදව් වූයේද? එසේ නම් සැනසුම් සුසුමක් හෙළිය හැක. එහෙත්
අද දසතින් පැතිරෙන්නේ බලු පොරයක හඬක් නොවේ ද? බල්ලන් උඩු බුරලන හඬ ඇසෙන විට අපට
හැඟෙන්නේ කුමක් ද? මහා මූසල අනාගතයක පෙරනිමිති ය. මෙසේ වන විට වැඩිහිටියන් කියන්නේ
ඉක්මනින් මළගමක් අසන්නට ලැබෙන බව ය. තිස් වසරක යුද්ධය නිමා වූ මොහොතක, නැවත කුලල්
කා ගන්නේ මස් රාත්තල බෙදා ගන්න බැරුවද? මේ භූමියට ජීවය දුන් ඉතිහාසයට නැවත ගොස් මස්
රාත්තල කිරා බලමු. ඉතිහාසයේ වීර පුරන් අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා, වීර කැප්පෙටිපොල
යනාදී ජාතික වීරවරයන් බවට පත් වූයේ කුමන මංමාවත් පසු කර පැමිණීමෙන් ද? මේ ඉතිහාසය
ඔබ දන්නවාද? යටත් විජිත කාලය පසු කළ අප මුතුන් මිත්තන් හැලූ කඳුළු මේ භූමිය තෙත්
කළ දුක්බර ඉතිහාසයක් ලියා තිබුණි. මෑත අතීතයෙහි දී දරුවන් පූජා කල අම්මාවරු හඬන හඬ
තවමත් ඇසේ. එම කඳුළු දැනුදු වියකී නැත. එය ඔබට අමතක ද?
භෞමික
අඛණ්ඩතාවය යනු කුමක් ද? ඉන්දියන් සාගරය තුලින් ම මෙම පුංචි දූපත වෙන් කර ඇත.
බුදුරදුන් තෙවරක් වැඩම කොට බුද්ධ ශාසනය පිහිටවීමේ ශක්තිය එක් කළ ලෝකයේ එකම දේශය මේ
ශ්‍රී ලංකාද්වීපයයි. විදේශිකයන් මස් කටු විසි කරන විටම සෑම විටම ඒවා අහුලා ගත්
සුනඛ ප්‍රජාවක් මේ රටේ බිහි වූයේ කෙසේ ද? අපි ඉතිහාසය විවර කර බලමු.
පුරන්
අප්පු යනු දේශ හිතෛෂී ජාතික පුත්‍රෙයක් මෙන්ම අප රටේ වීරවරයින් අතර රැව් පිළිරැව්
දෙන නාමයක් බවට පත් වූයේ ද? පත්කරවූයේ ද? මේ ගැන මදක් සිතා බලමු. ඔහු 1848 දී
කැරැල්ලක් ගැසුවේ ද? නැතහොත් දේශ හිතෛෂීන් එකතුකොට ගෙන හද පුරා නැගුණු දේශ
මාමකත්වය හා තම ජාතිය පරාධීනත්වයෙන් බේරාගැනීම උදෙසා අපරාජිත ජාතියක් බිහි
කරවනුවස් මෙරට පාගාගෙන සිටි දීන නිවට පර සුද්දන් ඉදිරියේ අභීත සටනක යෙදුනේ ද? මෙය
විග්‍රහ කර බැලිය යුතු කාරණයකි. කැරැල්ල යනු පවතින රජයකට හෝ විශේෂිත වූ නිවැරදි ජන
කොට්ඨාශයකට විරුද්ධව ගෙන යන බලවේගයකි. එහෙත් ඔහු ගෙන ගියේ තම ජාතිය පාගාගෙන සිටි
සිහළ දේශයට එරෙහි වූ විජාතික බලවේගයකට එරෙහිව ගෙන ගිය තම අයිතීන් සුරැකීම උදෙසා
හදවත තුලින් බුර බුරානැගි පීඩනය හා මානසික වේදනාව එකතතු කර ඉදිරියට ගෙනයාමකි. මෙහි
දී අප දකින විශේෂත්වය නම් එසේ ක්‍රියාකාරී වූ පුද්ගලයෙකුට සමාජය තුලින් මංපහරන්නා,
කොල්ලකාරයා, ස්ත්‍රී දූෂකයා යනුවෙන් හංවඩු ගැසීමට භාජනය වීම ගැන සත්‍ය විවේචනයක්
කල යුතු බවය. විදේශීය බලවේගයන්ට යටත්වී සිටි මෙම රට එම කාල වකවානුවෙහි දී සමාජය
තුලින් ම විදේශීය ගැත්තන්, කුමන්ත්‍රණකාරයින් බිහිකළ අධර්මිෂ්ඨ පරදේසක්කාරයින්ගෙන්
ගහනව සියලු තල ඔස්සේ පරගැති මානසිකත්වයන් බිහිකර තිබූ යුගයකි. එම පරගැත්තන් සියලු
දෙනාගේ මානසිකත්වයට ඇතළු කලේ මුදලට වහල් වන බලලෝභීත්වය, ද්වේශය, වෛරය, කුමන්ත්‍රණය
යන සතර අගතීන්වලට හසුවන්නා වූ දුශ්චරිත දුර්ගන්ධයක් හමන්නා වූ සමාජ බෙලහීනත්වයයි.
ගැමුණු යුගයෙන් ආරම්භ කොට ගත් කොන්ද පණ ඇති වීර ජාතියක ස්වර්ණමය යුගයන් එකින් එක
පසුවෙද් දී මෙවන් දීන නිවට සිංහලයින් බිහිකරවනු වස් අප සමාජ සංස්ථාව තුලින්ම කසල
කුම්භාණ්ඩයින් බිහිවූයේ කෙසේ ද?
එදා
මෙදා තුර යටත් විජිතවාදීන්ගෙන් මිදුනා යයි කියන සිංහල දේශය තුල තම දේශය තබා භාෂාව
කෙරෙහිවත් ගෞරවයක් නොමැති ජාතියක් බිහිකරවූයේ; ඉංග්‍රීසි
භාෂාවට, විජාතික පරභාෂාවන්ට ගරුකරන තම ලිංගිකත්වය පවා නොහඳුන සුනඛ ප්‍රජාවක් මෙරටට
පැමිණ ආධිපත්‍ය පතුරාගත් විජාතික බලවේග විසින්මයි. එම මානසිකත්වය කුමන්ත්‍රණ
නිර්මාණය සකස්කරවනු වස් බිහිකළ කණ්ඩායම් මෙම නගර
තුල උදම් අනන,පාරම්බාන රාවය විවිධ සමාජ ස්ථරයන්ට පැතිරී ගියේ මූසල
දුර්ගන්ධයන් දසත පතුරවමිනි. බූවල්ලන්ගේ ඇට නැති ගාත්‍රා මෙන් පැතිරවූයේ කොන්ද නැති
අමනයන් නිසාමය. ඉතිහාසය පුරා මෙවැනි සාක්ෂි දැරූ පෙළ ගැස්මවල් ඔබට ඉදිරිපත් කල
හැකිය. පුරන් අප්පු ජාතිය බේරා ගැනීම උදෙසා තම ජීවිතය පවා කැප කරද්දී සිංහල ජාතිය
තුලින් ම ඔහුව හිරගෙට යවන තෙක්ම කුමන්ත්‍රණ පටබැඳ බිහිකළ සිංහල පරගැති අමන නායකයෝ
එදා ද වූහ. වීරපුරන් අප්පු චරිත කතාව හොඳින් කියවන්න.
වීරපුරන්
අප්පු පමණක් නොව එදා මෙදා තුර ජාතික නායකයින්, අනගාරික ධර්මපාල, වාරියපොළ සුමංගල
හිමිථ එස්.මහින්ද හිමි ආදී නායකයින් හටද නොයෙක් නම් පටබැඳීම් සමාජය තුල කැළඹිලි
ඇතිකර එම නායකයා හට බොරු ගොතා කුමන්ත්‍රණකාරී පිරිසක් බිහිකොට එම පුද්ගලයාගේ උදාර
ගති ගුණ හඳුනාගැනීමට නොහැකිවන අයුරින් මත සමාජය තුලට කින්දවා විපරීත බුද්ධියක්
ඇතිකළේ විදේශික බලවේගයන් තුලින් ම ය. එවිට මනුෂ්‍ය සමාජය තුල මේ පුද්ගලයාගේ ගුණාංග
හඳුනාගත නොහැකිව අතරමැදි ප්‍රශ්නාර්ථයන් වලට සමාජය මුහුණ දුනි.එම නායකයාගේ චරිතය
ඝාතනය කරමින් දුශ්චරිතයෙන් ලෙස හඳුන්වමින් නොයෙක් බොරු කතා ගොතමින් සමාජය තුලට
කාන්ඳු කලේ මෙම විදේශික බලවේගයන් ම ය. එහි දී උදාර නායකයා මානසික පීඩනයට යටත්ව
සමාජ ගර්හා ඉදිරියේ හදවතේ කම්පනය ඇති වී ඔහුගේ කොන්ද කඩා දැමීමේ නීච අභිමතාර්ථය
මෙම විදේශීය බලවේගය තුල ඇත්තේ ය. ඔවුහු ඉතිහාසයේ දී ද එය ක්‍රියාවට නැංවූයේ
ඔවුන්ගේ ම පරගැති මානසිකත්වයන් බිහිකර හැදූ සිංහල කණ්ඩායම් තුළිනි.
උදාහරණයක් හැටියට ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කිරීම පිණිස ඉදිරිපත් වූ වාරියපොළ
සුමංගල හිමියන් එම දළදා වහන්සේ සුරැකීම රාජද්‍රෝහී ක්‍රියාවක් ලෙස පවසමින්
යුද්ධාධිකරණය ඉදිරියට පමුණුවන ලදී. දළදා වහන්සේ විනාශ කිරීමේ අභිමතාර්ථය තිබූ
විජාතිකයාට ඒ ගැන කැක්කුමක් ඇතිවූයේ කෙසේ ද? මෙය අප විසින් කල්පනාකර බැලිය යුතු
කාරණයකි. එයින් නොනැවතුණු ඔවුහු දළදා වහන්සේ ආරක්ෂා කිරීමෙහිලා සිවුර ඇතුලේ හොවා
ගනිමින් උදාර කාර්ය භාරයක් කළ සුමංගල හිමියන්ව දළදා වහන්සේ සොරකම් කිරීමේ චෝදනාව
මත යාපනය සිර කඳවුරේ වද බන්ධනයට ලක්කරන ලදී. දේශමාමක බලවේග අතරට එක් වූ එස්.
මහින්ද හිමියන්ට නට්සිවාදියා නමින් හංවඩු ගසමින් සමාජය තුල අපකීර්තියට ලක්කළේ
සිංහල මිනිසුන් අතර මතවාදයක් ගොඩනගමිනි. යුධවාදි මානසිකත්වයක් තිබූ හිට්ලර්ගේ
හමුදාවේ සිටි ජාතික විරෝධී බලවේගයන්ට මෙන් එම හිමියන්ට අපහාස කිරීම පිණිස මෙම හිමියන්ට පටබැඳි නාමය සිංහල ජාතිකයන්
විසින් අපහාස කරවමින් සිංහල ජාතිකයන් තුලින්ම එම හිමියන්ව ප්‍රතික්ෂේප කරවීමෙහලා
අරමුණු විය.
මෙසේ
සමාජය තල ගොඩ නැගෙන්නා වූ වීර චරිත, දේශ හිතෛශී චරිත වලට බොරු නම් පටබැඳ සමාජය
තුලින්ම ප්‍රතික්ෂේප කරවීම සඳහා මෛ විජාතීය බලවේගයන් තමන්ට පරගැති කීකරු කණ්ඩායම්
බිහිකරවා ඔවුන් ලවා කුමන්ත්‍රණ ඇතිකරවීම යටත්විජිත ඉතිහාසය පුරාම පැතිර තිබුණි. මෛ
විජාතික බලවේගයන් විසින් අප සමාජයේ ජාතිභේදය ඇවිස්සුවේ මේ අතරවාරයේය. ලංකා ජාතික
ව්‍යාපාරය පිහිටවූයේ පැටලුනු නූල් බෝලයක් මෙන් ලිහාගත නොහැකිව තාඩන පීඩන වලට ලක්වූ
සියලුම ජාතික බලවේග හා ජාතික ස්පන්දනයන් එකිනෙකා තුල අවබෝධයන් ගොඩනගා ගැනීම සඳහා
අවශ්‍ය වකවානුවකය. විජාතීය බලවේග මේ රටේ සමාජ සංසකෘතියට අත පොවා සමාජයේ සෑම
ස්ථරයකම තමන්ට තමන්ව හඳුනාගත නොහැකි කණ්ඩායම් බිහිකර තිබූ අවධියකය. 1505 සිට 1948
දක්වා යටත් විජිතයක්ව තබා ගනිමින් තිබූ මෙම රටෙහි පංචසීලය රැකි පිරිස විනාස කර
ලෝභ, ද්වේශ, මෝහයන්ගෙන් පිරුණු වෛරීය සමාජයක් බවට පත්කර තිබුනේ එකිනෙකා අතර භේද
භින්න මානසිකත්වයක් ඇතිකරලීමෙන් සමාජය තුල වෛරය පතුරුවා ඒ තුලින් තම අරමුණු
ඉටුකරගැනීම උදෙසාමය.
අනගාරික
ධර්මපාලතුමා සමඟ ගොඩනැගුණු මෙම ජාතික ව්‍යාපාරය විචක්ෂණ බුද්ධයෙන් විශ්ලේෂණයට
ලක්කිරීම මෙම දේශය තුළ සිටින සෑම මානසිකත්වයක් තුළම ඇතිවී ඇති අරවුල නිරවුල් කරගැනීම උදෙසා පිහිටවනු
නිසැකය. එතුමා සමග එකට ජාතික ව්‍යාපාරයේ වැඩකල සර්.පොන්නම්බලම් රාමනාදන්,
සිද්ධිලේබ්බේ වැනි මුස්ලිම් දෙමළ නායකයින් සමඟ ඊ.ඒ.ගුණසිංහ, දොස්තර වික්‍රමසිංහ
වැනි සිංහල නායකයන් ද වූහ. අනගාරික ධර්මපාලයන්ගේ සහයෝගීතාවයෙන් මෙම ජාතික ව්‍යාපාරය
විදේශීය බලවේගයන්ට යම්තාක් දුරට අභියෝගයක් වෙමින් පැවතුනු වකවානුවක විදේශීය
කුමන්ත්‍රණ වලට හසුකර අනගාරික ධර්මපාලතුමාව සිරගතවීම පිළිබඳව විචක්ෂණ බුද්ධියෙන්
යුතුව විග්‍රහ කිරීම වටී. බෞද්ධයන්ගේ උරුමයක් වන බුද්ධගයාව ආරක්ෂා කිරීම උදෙසා
අනගාරික ධර්මපාල තුමා දිවි පරදුවට තබමින් දැරූ ව්‍යායාමය තම උදර පරමාර්ථය පිණිස
නොවන බැව් අප හඳුනාගතයුතුය. එතුමා ඒ සඳහා කාසි එකතු කිරීම සමාජ විවේචනයට ලක්වීමෙන්
මුට්ටකාසි හොරා යන නම පටබැඳීම වර්තමානය සමඟ සැසඳීම වටී. මෙහි බුද්ධගයාව බේරීමේ ලා
අනගි ව්‍යායාමයක නිරත වූ එතුමාට හිමි වූයේ සිර දඬුවමයි. අනගාරික ධර්මපාල තුමාගේ
දළවශයෙන් සත් අවුරුද්දක පමණ සිරගතිවී සිටි කාලය තුල එතුමා සමඟ එකට වැඩකළ ජාතික ව්‍යාපාරයට
වූයේ කුමක්ද? විජාතික මස් කටුවල රසය බලන්නට ලොල් වූ සුනඛයන් මෙම ව්‍යාපාරය තුලද
සිටි බව ප්‍රත්‍යක්ෂයි. විජාතික බලවේගයන් ඔවුන්ගේ ඔළුගෙඩි සේදූහ. නැවත සිය මව් රටට
පෙරලා පැමිණෙන විට තමන් සමඟ එකට වැඩකළ විජාතික බලවේගයන්ට පරගැති වූ තම සහෘදයින්ම
පහරගසන්නට වූයේ තාන්න මාන්න බලයට ලොල් වූ පිසාචයින් එම චරිත තුල ජීවත් වූ නියවෙනි.
එදවස මෙවැනි චරිත බිහි වූයේ හර පද්ධති නියාම ධර්මයන් කෙලෙසපු විජාතිකයන්ගේ
හස්තයන්ට නතු වීමෙනි. අද දක්වා එය ක්‍රියාත්මක
වනුයේ ඉතිහාස වංස කතාවෙන් බිහිවුණු නින්දිත මානසිකත්වයේ ප්‍රතිඵලයක්
නිසාවෙන්මද?
වර්තමානයේ
රට රකින ජාතිකත්වයට නින්දා අපහාස කිරීම සිහළ දෙමළ ඔබ අනුමත කරන්නේද? එදා ඒ
විජාතිකයින් දෙමළ සිහළ භේදය ඇතිකරවීමට තුඩු දුන් මානසිකත්වයන් බිහි කළ බැවි
ඉතිහාසය දෙස විග්‍රහශීලීව බලන ඔබ හට අවබෝධ වන්නේමයි.
දෙමල-සිහල
භේදය පමණක් නොව සිහල-මුස්ලිම් භේදය පවා ඔවුන් විසින් ම නිර්මාණය කරන ලද්දක් බැව්
ඉතිහාසය දෙස උපෙක්ෂා සහගත සිතින් විග්‍රහශීලීව බැලූ විට ප්‍රඥාවට හසු වේ. මේ
වකවානුව වනවිට සිහල ජාතිය තුල ම සිහල ජාතියට එරෙහි කණ්ඩායමක් මෙම ජාතික ව්‍යාපාරය
තුලින් බිහි වූ අයුරු සක් සුදක් සේ ඔබට ඉතිහාසය කියවූ විට පැහැදිලි වනු ඇත. 1915
දී සිංහල-මුස්ලිම් කැරැල්ලක් ඇති වූයේ ද විජාතිකයින් එවැන්නක් කරවීමට පෙළඹවූයේද
යන්න ඉතිහාසය තුලින් ම මනාව විග්‍රහ වෙයි.
අනගාරික
ධර්මපාලතුමාට විරුද්ධ වූ ජාතික ව්‍යාපාරයේ සාමාජිකයින් තුලින් භේද භින්න වූ
කණ්ඩායම් සී සීකට ගොස් ද්‍රවිඩ සංගමය, කම්කරු සංගමය, එක්සත් ජාතික පක්ෂය වැනි
කණ්ඩායම් බිහි වූ බව ඔබ දන්නෙහි ද? ඒ.ඊ.ගුණසිංහ නායකත්වය දුන් කම්කරු සංගමය වැනි
සංගම් ජාතික ව්‍යාපාරය තුලින් වෙන් වෙද්දී ඉතිරි වූයේ විදේශිකයන් විසින් බිහි කර
වූ පරගැති සිංහල නායකත්වය පමණී. පරමාදර්ශී නායකත්වයන් නොමැති කර වූ පරදෙසක්කාරයින්
විසින් ලංකා ජාතික ව්‍යාපාරය සුනු විසුනු කරන්නේ ජාතිවාදී කුලවාදී භේද භින්න කරවන
මානසිකත්වයන් ඇති ජාතික සංගම් නායකත්වයන් ඉතිරි කරවමිනි. එක්සත් ජාතික පක්ෂයේ
නායකයින් ලෙස පසු කාලීනව පත් වන්නේ මෙම ජාතික ව්‍යාපාරය විනාශ මුඛයට ගෙන ගිය පිරිස
ය. අවසානයේ සුද්දන් 1948 දී නිදහස දී අපට ඉතුරු කරන්නේ රට ජාතිය ගැන හැඟීම නැති
සුද්දන්ට ගැති වූ පර භාෂාවට ගරු කරන සුද්දන්ගේ වීසිකරන කටු ලෙව කන සුනඛයින් මෙන්
හැසිරෙන්නා වූ මනුෂ්‍ය පිරිසකි. ඔවුන්ගේ සිත් සතන් කැලිකසලවලින් ගහන වූ ප්‍රදේශවල
හැසිරෙන්නා වූ දුර්ගන්ධය ම හමවන්නා වූ කසල කුම්භාන්ඩයින්ගේ ප්‍රතිරූපයක් මෙනි. අද
ද මෙම රජ විජාතිකයින්ට පාවා දීමට සැරසෙන නායකත්වයන්ට මෛ නාමකරණය වටියි යැයි අප
හැඟී අරමුණයි.
මෙවැන
පරගැති කොන්දක් නැති නායකයින් මේ රට තුලින් තුරන් වේවායි! අපි අධිෂ්ඨාන කරමු.
-උපුටා
ගැනීම හෙළ සුවය සංවිධානයෙනි