Thursday, August 6, 2015

ටික ටික හෙළි වන යුධ අපරාධ අවදානම

මේ දවස් වල ඡන්දය හින්දා හැමෝටම අමතක වෙලා තිබුනත් තව මාසයක් යනකොට මේ රටේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ යුධ අපරාධ චෝදනා වාර්තාව. ඒක මොනවගේ වෙයිද කියලා විවිධ පුද්ගලයන්ගේ ප්‍රකාශ වලින් අපිට ඉඟියක් ලබා ගන්න පුළුවන්. (මම ප්‍රාර්ථනා කරනවා මෙතනදී මගේ පුරෝකථනයන් වරදින්න කියලා)

  • Heavy wait battle: Sirisena wants to wait, but UNP cannot (ද සන්ඩේ ටයිම්ස්-  2015 ජුනි 21)

මහින්ද-මෛත්‍රී සමඟි කරන්න පත්කල නිදහස් පක්ෂයේ 6 දෙනාගේ කමිටුව ජනාධිපති මෛත්‍රීපාල මුණගැහිච්ච වෙලාවේ ජනාධිපතිතුමා විශේෂ ප්‍රකාශයක් කරලා තියනවා. පුවත්පත ඒක වාර්ථා කරන්නේ මෙන්න මේ විදිහට.

''He said three different countries were now probing Rajapaksa but did not name them. This was besides the strong likelihood of critical references against Rajapaksa in the probe report on alleged war crimes.''

මේ වෙලාවේ මහින්ද ගැන විමර්ෂණයක් කරන්න රටවල් තුනකට අවශ්‍ය නම් ඒ යුධ අපරාධ ගැන මිසක් වෙන දෙයක් ගැන නොවන බව පැහැදිළියි. යුධ අපරාධ වාර්තාවෙන් මහින්ද රාජපක්ෂට ඍජුවම චෝදනා එල්ල වෙන් පුළුවන් බවට පළවෙච්ච පළවෙනි ප්‍රභලම ඉඟිය මෙයයි. වැදගත්ම දේ තමයි මේ පුවත්පත වාර්තා කරල තිබ්බ දේ කිසිම කෙනෙක් වැරදියි කියලා ප්‍රකාශයක් කලේ නැහැ.


  • Sri Lanka polls timed ahead of U.N. war crimes report to foil Rajapaksa comeback (රොයිටර් වෙබ් අඩවිය - 2015 ජූලි 6)
යුධ අපරාධ වාර්තාව ඉදිරිපත් වීමට පෙර මේ රටේ මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවය මේ පුවතින් පෙන්වා දෙනවා.

''A U.N. report on the last days of the war is due for release in September but an aide to President Maithripala Sirisena said diplomatic sources had warned it may be leaked in late August.


    The possibility of an early release prompted Sirisena to call elections for Aug. 17 to give his ally Prime Minister Ranil Wickremesinghe an edge and hopefully deny Rajapaksa any chance of a political resurgence, said sources close to Sirisena.

"Even if is not said openly, the U.N. report was considered when deciding the date," Champika Ranawaka, power and energy minister and one of Sirisena’s close allies, told Reuters.

Foreign diplomatic sources said some Western countries also worried the U.N. report could help Rajapaksa and urged Sirisena not to delay elections.''

මේ වාර්තාවෙන් කියවෙන විදිහට යුධ අපරාධ වාර්තාව මැතිවරණයට පෙර ඉදිරිපත් උනොත් එය පැහැදිළිවම මහින්දට මැතිවරණය ජය ගන්න උදව්වක් වන බවයි. එය මහින්දට ජය ගන්න උදව්වක් වන්නේ ඔහුට යුධ අපරාධ වාර්තාව හරහා යුධ අපරාධ චෝදනාවක් එල්ල වනවා නම් පමනයි. යුධ අපරාධ වාර්තාව හරහා ඔහු යම් වරදකරුවකු වීමේ අවදානමක් නැත්නම් ඒ හරහා මහජන සහයෝගයක් ලබා ගැනීමේ හැකියාවක් ඔහුට නැහැ. ඒ නිසා මහින්දට කෙළින්ම චෝදනා ඉදිරිපත් වන බවට පෙනෙන දෙවන ප්‍රභල ඉඟිය මෙයයි.


  • යුධ අපරාධ නිර්දේශ වලට රජයෙන් කොළ එළි (දිවයින - 2015 අගෝස්තු 07 )

ඒ වාර්තාවේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා

''සැප්තැම්බර් 15 දා ප්‍රකාශයට පත් වන ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයේ නිර්දේශ පිළිබඳව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

කොටි සංවිධානය සිදු කළ වරද ලෙස දක්‌වා ඇත්තේ ළමා සෙබළුන් බඳවා ගැනීම බවද එහි දක්‌වා තිබේ. මෙකී වාර්තාවෙන් සුදු කොඩි සිද්ධිය පිළිගෙන ඇත. එහි ප්‍රධාන සාක්‍ෂිකරු හිටපු නෝර්වේ අමාත්‍ය එරික්‌ සෝල්හයිම් යෑයි හෙළිවී තිබේ.''

තනි පුවතක් විදිහට මෙහි එතරම් ලොකු ඉඟියක් නැතිවුනත් ඇමති රාජිතගේ ප්‍රකාශත් එක්ක ගත්තාම වැදගත් දෙයක් තියනවා. ඒ ප්‍රකාශ නම්,

  • සුදුකොඩි ඔසවද්දී මරන්න නියෝග දුන්නා නම් බේරාගන්න බෑ - කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න (දිවයින - 2015 අගෝස්තු 06)

මෙහිදී ඇමතිවරයා මෙහෙම කියනවා

''යුද්ධය පැවැති අවස්‌ථාවේදී සුදු කොඩි උස්‌සාගෙන එන අය මරන්න කවුරුන් හෝ නියෝග දුන්නේ නම් ඔවුන් බේරා ගැනීමට නොහැකි බව කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

ජිනීවා සමුළුවේදී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කළහොත් ඊට සැප්තැම්බර් මාසයේදී පිළිතුරු ලබාදෙන බව කී ඇමැතිවරයා යුද්ධයේදී සිදුවූ සැබෑ සිද්ධීන් වලදී ආණ්‌ඩුව පෙනී සිට සියලු දෙනා බේරාගන්නා බවද කියා සිටියේය.

එහෙත් යුද්ධයට මුවාවී විවිධ අපරාධ, මිනී මැරුම් කළ හෝ කිරීමට අණදුන් කිසිවකු වෙනුවෙන් පෙනී නොසිටින බවද ඇමැතිවරයා කීය.''

අනිවාර්යයෙන්ම මෙහිදී ඉදිරිපත්වන්නේ යුධ අපරාධ පිළිබද චෝදනාය. ඇමතිවරයාම කියන පරිදි අපරාධ කල අය වෙනුවෙන් පෙනී ඉන්නේ නැත. 

ඒ වගේම සන්ඩේ ටයිම්ස් පුවත්පතේ වාර්තාවේ ජනාධිපතිතුමා මෙහෙම කිව්වා කියලත් සඳහන් වෙනවා.

''If Rajapaksa agrees to accept his offer, Sirisena said there was a possibility of Rajapaksa being defended or saved.''

මෙහිදී ඔහුගේ යෝජනාව වූයේ

''He then made clear he was not prepared to make Mahinda Rajapaksa the prime ministerial candidate nor give him nominations to become a candidate at the parliamentary elections. He will also not be named on the National List. However, Sirisena said he could be given a ‘sambhavaneeya thanathurak’ or a distinguished position.''

ඒ අනුව මහින්ද ඇතුළු යුද්ධයට සම්බන්ධ වූවන් දඩයම් කිරීමේ පැහැදිළි අවදානමක් ඇති බව මම දකිනවා. ඒ වගේම ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්න වත්මන් රජය සූදානම් නැති බවත් කියවෙනවා. (නැවතත් මා ප්‍රාර්ථනා කරනවා මගේ අනුමානය වරදින්න කියලා)

කෙනෙකුට කියන්න පුළුවන් අපරාධයක් කරලා නැත්නම් ඇයි බය වෙන්නේ කියලා. ඒකට මට කියන්න තියෙන්නේ කාරණා දෙකයි.

1.නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
2. කන්න ඕනේ උනාම කබරගොයාත් තලගොයා වෙනවා

ඉදිරි මහමැතිවරණයේදි කැමත් පක්ෂයකට කැමති පුද්ගලයෙකුට මනාපය දීමට ඔබට අයිතිය හා නිදහස තියනවා. ඒකේ කිසි ගැටලුවක් නැහැ. කරුමෙට වගේ මේ දේවල් ඇත්ත උනෝතින් එදාට මතක්කර ගන්න මෙහෙම දේකුත් කවුරුහරි කිව්වා කියලා.




1 comment:

  1. These human rights puppas don't care of the 501 children butchered last year in Palentine! This clique nakedly breach human rights of our people. Rajitha is a born traitor! They want Mahinda and Gotabhaya to be sent to Hague! Ungrateful people!

    ReplyDelete