Wednesday, March 31, 2010
2020 කරා .......... අපිට මොකද උනේ?
Sunday, March 21, 2010
BTI බැක්ටීරියාව
BTI බැක්ටීරියාව එහෙමත් නැත්නම් Bacillus thuringiensis israelensis යන බැක්ටීරියාව Bacillus thuringiensis යන බැක්ටීරියා වර්ගයේ එක් විශේෂයක්. Bacillus thuringiensis කෘමිනාශක හැකියාවක් සහිත බැක්ටීරියා විශේෂයකි. මෙය delta-endotoxin, හෝ "toxic crystal" ලෙස හදුන්වන ප්‍රෝටීනය නිපදවන අතර එය අදාළ කෘමියාගේ ජීර්ණපද්ධතිය අක්‍රිය කිරීමට සමත්කම් දක්වයි. ඒ අනුව මෙම බැක්ටීරියා විශේෂ කෘමිනාශක ලෙස භාවිතයේදී එය කෘමියාගේ ශරීරගත විය යුතුය. එවිට ජීර්ණපද්ධතිය අක්‍රිය වී කෘමියා කුසගින්නේ මිය යයි.
කෘමියා තම ශරීරය පුරා ආහාර ගබඩා කරගන්නා සමය (larva) මෙම බැක්ටීරියාව ක්‍රියාත්මක කළයුතු අවධියයි. මෙම බැක්ටීරියාව ජලයේ පමණක් නොව ගස්වල කොළ වල මෙන්ම පොළවේද පවතී.
මේ අනුව මෙම බැක්ටීරියාව විනාශකරන්නේ මදුරු බිත්තර නොව මදුරු කීටයායි. දැන් විමසිලිමත් මනසකට ඇතිවිය යුතු ගැටලුව නම් මෙම බැක්ටීරියාව මදුරුවන් පමණක් නොව අනෙකුත් කෘමීන්ද විනාශ කරනවාද යන්නයි. සමස්තයක් ලෙස ගත්විට පිළිතුර ඔව්. නමුත් පෙර සදහන් කල පරිදි Bacillus thuringiensis බැක්ටීරියාවේ විශේෂ කිහිපයක් පවතී. ඉන් Bacillus thuringiensis israelensis යන්න මදුරුවන් හා Black fly හා Fungus gnat යන කෘමීන් මර්ධනයට විශේෂිත වේ. දැනට සොයාගෙන ඇති කරුණු වලට අනුව ඉන් වෙනත් ජීවීන්ට අනතුරක් නැත. මිනිසාට කිසිසේත්ම අනතුරක් නැත්තේ අපගේ ආම්ලික ආමාජශය තුළ ඉහත කී ප්‍රෝටීනය ක්‍රියා නොකරන නිසාය.
නමුත් මෙම බැක්ටීරියවේ වෙනත් විශේෂ මකුළුවන් පළගැටියන් සමනළයන් විනාශ කිරීමේ හැකියාවෙන් යුක්ත වේ.
අප ප්‍රවේසම් විය යුත්තේ ඇයි?
අපේ රට ජෛව විවිධත්වයෙන් බහුල රටකි. අපේ රටට ආවේණික සතුන් කෘමීන් විශාල සංඛ්‍යාවක් ඇත. මොවුන්ට මෙම Bacillus thuringiensis israelensis හි බලපෑම ගැන නිශ්චිත දත්ත නැත. ඇත්තේ අනුමාන පමණී. රටකට ආගන්තුක ජීවීන් ගෙන්වන විට එය ඉතාමත්ම ප්‍රාවේශමෙන් කළ යුතුය. ඒ එම ජීවීන් එම රටෙහි ජීවීන්ට කෙසේ ප්‍රතිචාර දක්වයිද කියා නිෂ්චිතව කිව නොහැකි නිසාය. ඇතැම් විට යෝධ නිදිකුම්බා වැනි ආක්‍රමණකාරී ස්වභාවයකින් විශාල පරිසර හානියක් ද සිදුවිය හැක. එනිසා මෙම BTI බැක්ටීරීයාව ලංකාවට ගෙන්වීමට පෙර එහි සුදුසු බව 100%කින් තහවුරු කරගත යුතුය.
නමුත් නැවතවරක් මතක් කළ යුත්තේ BTI බැක්ටීරීයාව ලොව අවදානම අවම කෘමි මර්ධන ක්‍රමයක් ලෙස සැලකෙන බවයි.
අපගේ අවධානය යොමු විය යුතු තවත් කරුණක් පවතී. එනම් බැක්ටීරියා හි ජීවිත කාලය ඉතා කෙටිය. මේ නිසා අපට සාපේක්ෂව ඔවුන් ඉතා කෙටි කාලයකින් විශාල පරම්පරා සංඛ්‍යාවක් බිහිකරයි. මේ නිසා ඔවුන්ගේ ජානවල යම් යම් වෙනස් වීම් සිදුවීමේ වේගයද වැඩිය. මේ නිසා මෙවැනි බැක්ටීරියාවක් අපගේ පරිසරයට මුදාහළ විට අපගේ පරිසර තත්වයන් සමග කාලානුරූපීව එය කෙසේ අනුවර්තනය වේදැයි අවධානයෙන් සිටිය යුතුය.
පසුවදන
ඩෙංගු මර්ධනය කිසිසේත් BTI බැක්ටීරීයාව මගින් පමණක් ඉටුකර ගත නොහැක. මෙම BTI බැක්ටීරීයාව මගින් ඩෙංගු මර්ධනය කිරීමට නම් මදුරුවන් බෝවන සෑම ස්ථානයකටම මෙම බැක්ටීරියාව ව්‍යාප්ත කළ යුතුය. එනම් ඔබගේ ගෙවත්තේ වතුර එක්රැස්වෙන පොල්කටුව තුළට මෙම බැක්ටීරියාව පැමිණිය යුතුය. මෙය එසේ පැමිණියද කාලයත් සමග එම බැක්ටීරියාව විනාශ වීමටද පුළුවන් බැවින් නිතර තිතර ව්‍යාප්ත කිරීම් සිදුකල යුතුය. මෙය එතරම් ප්‍රායෝගික නැත. ඒ නිසා දිගින් දිගටම මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීද සිදුකළ යුතුය. එහි වගකීම මුළු මහත් සමාජයම සතු කාරණයකි. BTI බැක්ටීරීයාව භාවිතා විය යුත්තේ මෙම ඩෙංගු මර්ධන ව්‍යාපෘතියේ සාර්ථකත්වය වැඩිකර ගැනීමට හා එය තිරසාර විසදුමක් බවට පත්කර ගැනීමටය.
ඩෙංගු BTI හා අපි
ඩෙංගු...පසුගිය කාලය පුරාම වැඩිපුරම කතාබහට ලක්වුනු මාතෘකාවක්. මෙවර ඩෙංගු සමග තවත් අළුත් වචනයක් සෑම තැනම කියවුනා. ඒ තමයි BTI බැක්ටීරියාව. මේ සමගම සමාජය තුළ හටගත් මතය නම් කියුබාව මෙම බැක්ටීරියාව මගින් ඩෙංගු උවදුර ජය ගත්තා නම් අපටත් එය කළ හැකි නොවේද යන්නයි. ඇත්ත වශයෙන්ම අපට එය කරන්න පුළුවන. අද සමාජය විශ්වාස කරන්නේ කියුබාවෙන් මෙම බැක්ටීරියාව ගෙන්වා රට පුරා එය ව්‍යාප්ත කිරීමෙන් ඩෙංගු උවදුර නිවාරණය කරගත හැකි බවයි. නමුත් එය ඒ ආකාරයෙන් සරලව දැකිය හැකි කාරණයක්ද?
කියුබානුවන් හා ඩෙංගු උවදුර
ඩෙංගු ඉතිහාසය පුරාම වරින් වර කියුබාවට මහත් හිසරදයක් වූ වසංගතයක්. 1981 දී පමණ පැතිරී ගිය වසංගතයෙන් රෝගීන් 158 දෙනෙක් මියගියා. සුපුරුදු පරිදි මෙය ඇමරිකානු කුමන්ත්‍රණයක් ලෙස හැදින්වුවද කියුබානුවන් මීට මුහුණ දීමට පියවර ගනු ලැබුවා. ඒ සදහා ඔවුන් විද්‍යාත්මකවත් දේශපාලන හා සමාජීය වශයෙන් එක්රැස් වූවා. BTI බැක්ටීරියාව අයත් වන්නේ විද්‍යාත්මකව මේ සදහා ඇතිකල විසදුම් ගොන්නටයි. මෙම විසදුම යථාර්තයක් බවට පත්කර ගන්නට දස දහස් ගණනක් සිවිල් ජනතාව එක් රැස් වූවා. ඩෙංගු මදුරුවා විනාශකිරීමේ වගකීම බැක්ටීරියාවට පමණක් බාර නොදී මිනිසුන් තම අවට පරිසරයේ මදුරුවන් බෝවන තැන් නිරන්තරයෙන් සොයාබලා විනාශ කරනු ලැබුවා. එරට ජනමාධ්‍යයද ඩෙංගු රෝගීන් ගණන ගණන් කරනු වෙනුවට ඩෙංගු මර්ධන ව්‍යාපෘතියට මිනිසුන් උන්නදු කරවනු ලැබුවා. දැනුවත් කරනු ලැබුවා. රජය මෙම සමස්ථ ක්‍රියාවලියට අවැසි නායකත්වය දෙනු ලැබුවා. කියුබාව ඩෙංගු ජයගත්තේ සාමූහික ක්‍රියාවලියක් ලෙසිනි. BTI බැක්ටීරියාව එම ක්‍රියාවලිය වේගවත් කරනු ලැබුවා පමණී
BTI බැක්ටීරියාව හා එහි ක්‍රියාවලිය ගැන ඊලග ලිපියෙන් කතා කරමු