අපේ රටේ උසස් අධ්‍යාපනය ගැන විශේෂයෙන්ම විශ්ව විද්‍යාල ගැන සටහනක් ලියන්න කාලෙක පටන් අදහසක් තිබුනා. මම දන්න තරමින් ලෝකයේ උගත්ම ජනතාවක් ජීවත් වෙන රටක් තමයි අපේ රට. ඉතා විශිෂ්ඨ බුද්ධිමතුන් ලෝකයට බිහිකරන විශ්ව විද්‍යාල පද්ධතියක් අප සතුයි. නමුත් අපේ රටේ විශ්ව විද්‍යාලවලින් දැනුම ලබාගන්න විදේශිය සිසුන් මෙරටට පැමිණෙන්නේ නැති තරම්ය. නමුත් රටක් වශයෙන් අධ්‍යාපනය අතින් එතරම් දියුණු නැති බංග්ලාදේශයට පවා විදෙස් සිසුන් අධ්‍යාපනය ලැබීමට යන බව අපි කව්රුත් දන්න දෙයක්.
කෙනෙක් අහන්න පුළුවන් අපේ රටේ එවුන්ට ඉගෙන ගන්න ඉඩ නැතුව පිටරට එවුන්ට කොහොම උගන්වන්නද කියලා. ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. ඒ වගේම තමයි මෙයින් ලැබෙන ආදායමෙන් අපේ රටේ කොල්ලො කෙල්ලන්ට උගන්වන්නත් පුළුවන්.
තව දෙයක් තමයි පුද්ගලික විශ්ව විද්‍යාල. අපි කාගෙ කාගෙත් යාළුවෝ නෑදෑයෝ පිටරට වල ඉගෙන ගන්නවා. ඒ වුනාට ඒ අය හැමෝම මහ සල්ලිකාරයෝ නෙමෙයිනෙ. සමහරු ඉඩකඩම් උකස් කරගෙන තමන්ගෙ දරුන්ට උගන්වන්නේ. ඉතින් විශ්ව විද්‍යාල ඒ අයට නම් මහත් සහනයක්. ඒ වගේම අනිත් අතට පුද්ගලික විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය පිළිබද ගැටලු රැසක් තියෙනවා.
ඇත්තටම බොහෝ දෙනෙකුට මේ ගැන විවිධ අදහස් තියෙනවා. ඒ හැම එකකම ඇත්තකුත් තියෙනවා. ඒ නිසා මේ ගැන ටිකක් කතා කරමු. මොකද මේ වගේ දේකට විවිධ අදහස් ඕනෙ වෙනවා. මොනව කලත් අවසානයේ විය යුත්තේ අපේ රටේ අධ්‍යාපන මට්ටම ඉහල නැංවීමයි. ඒ නිසා ඒ අරමුණින් සුභවාදීව මේ ගැන කතා කරමු.
No comments:
Post a Comment