Showing posts with label සමාජ. Show all posts
Showing posts with label සමාජ. Show all posts

Thursday, August 11, 2011

සිංහල ‍‍බෞද්ධ සංස්කෘතිය මත පදනම්ව විද්‍යාවක් බිහි කළ හැකිද?


මුලින්ම කියන්න ඕනේ මම කවදාකවත් මහාචාර්ය නලීන් ද සිල්වා මැතිතුමාගේ අනුගාමිකයෙකුවත් එතුමාව දැඩි ලෙස විවේචනය කරන්නෙකුවත් නොසිටි බව. උසස් පෙළ සමත් වීමෙන් පසු එතුමාගේ විද්‍යා කතන්දර කෘතිය මිලට ගත්තත් අද වනතුරු හරියට කියවලා නොතිබුනත් ( දැන්නම් කොහොම හරි කියවන්න ඕනේ) එතුමාගේ මතය එතුමාගේ වචන වලින්ම අහගන්න ආසාවක් හිතේ අස්සක මුල්ලක සැගවිලා තිබුනා. ඇත්තටම අපි යමක් පිළිගන්න හරි විවේචනය කරන්න හරි කලින් ඒ සම්බන්ධයෙන් හොද අධ්‍යයනයක් කරන්නට අවශ්‍යයි. කෙසේ වුවත් එතුමගේ දේශන සොයාගෙන ගොස් සහභාගී වීමට කරම් උනන්දුවක් මා තුළ නොමැති වූ බවද පිළිගන්නටම ඕනේ කාරනයක්.

ඉතින් මට මේ සදහා හොද අවස්ථාවක් ඊයේ දිනයේදී උදාවුනා. ඒ එතුමාගේ දේශනයක් අපගේ විශ්ව විද්‍යාලයේදී පැවැත්වූ බැවින්. මාතෘකාව වුනේ "සිංහල ‍‍බෞද්ධ සංස්කෘතිය මත පදනම්ව විද්‍යාවක් බිහි කළ හැකිද?" යන්නයි. පැහැදිලිවම කියනවා නම් බලාපොරොත්තු වූවාට වඩා හිතන්නට යමක් ඉතිරි කළ දේශනයක් ලෙස එය හදුන්වන්ට පුළුවන්. නිතර බ්ලොග් නොලියන මම මේ සම්බන්ධයෙන් සටහනක් තබන්නට කල්පනා කලෙත් ඒ නිසයි.


හැබැයි මේ කතාව අහලා මම එතුමාගේ අනුගාමිකයෙකු වුනේ නෑ. නමුත් එතුමා කියන කතාවේ ඇත්තක් පදනමක් තියනවා කියන එක නම් තේරුම් ගත්තා. ඒක මගේ ජීවිතයට බොහොම වැදගත් වන බව දැනුනු නිසයි ඒක බෙදා හදා ගන්නට මෙහි අවේ.

එක එක පාට කණ්නාඩි දාගෙන බලන්නේ නැතුය පුළුවන් තරම් මධ්‍යස්ථව හා උපේක්ෂාවෙන් මේකට ඇහුම්කන් දීලා බලන්න

Sunday, July 18, 2010

‍ඩෙංගු මාරයා - ගස්ලබු වීරයා

මීට පෙර ‍ඩෙංගු වලට අපූරු බෙහෙතක් කියා ලිව්ව ලිපියට අදාළ වෛද්‍ය හෙට්ටිගේ මහතා ගැන අද දෙරණ වෙබ් අඩවියේ සදහන් වුනා.මේ තියෙන්නේ ඒ උපුටා ගැනීමයි.

ඩෙංගු රෝගීන් සඳහා පැපොල් (ගස්ලබු) පත්‍රවල යුෂ සුදුසු බව වෛද්‍ය පරීක්ෂණවලින් සනාථ වී ඇත. ළමුන් 10 - 15ත් අතර පිරිසක්ද ඇතුළුව ඩෙංගු වැළදුණු රෝගීන් 70 දෙනෙකු යොදා ගනිමින් සිදුකළ පරීක්ෂණයක් සිදුකර ඇති අතර ඔවුන්ගෙන් සෑම අයෙකුටම පැපොල් කොළ යුෂ මිලි ලීටර් 10ක් පානය කිරීමට දී තිබේ. 

සාමාන්‍යයෙන් සිදුකරන වෛද්‍ය පරීක්ෂණවලින් ඕනෑම රෝගයක් සුවවීමේ ප්‍රතිශතය වන්නේ 50%ක් පමණය. නමුත් පැපොල් යුෂ යොදා ගනිමින් ඩෙංගු රෝගීන් වෙනුවෙන් සිදුකළ මෙම පරීක්ෂණයේ ප්‍රතිඵලය 100%ක් බවට ඔප්පුවී ඇතැයි වෛද්‍ය සනත් හෙට්ටිගේ මහතා ප්‍රකාශ කර ඇත. ඵලදාව ඇති, හොඳින් වැඩුණු රතු වර්ගයේ ගස්ලබු (Red lady) ගසක පත්‍රය පමණක් ගෙන පිරිසිදු ජලයෙන් හොඳින් සෝදා එම පත්‍රය වංගෙඩියක දමා කොටාගත යුතුය. වතුර හෝ ලුණු වතු නොදමා ගස්ලබු කොළය පමණක් මෙසේ හොඳින් කොටා ගෙන එයින් මිරිකා ගත් සාරය බීමට ගත යුතුය. සීනි හෝ වතුර හෝ කිසිවක් මිශ්‍ර නොකර ගස්ලබු කොළ සාරය පමණක් පානය කළ යුතු බව වෛද්‍ය හෙට්ටිගේ මහතා සඳහන් කරයි. 

වැඩිහිටියන් මි.ලී 10ක ප්‍රමාණයක්ද, වයස අවුරුදු 05 - 12ත් අතර ළමුන් මි.ලී 05ක් ප්‍රමාණයක්ද දිනකට දෙවරක් පානය කළ යුතුය. ඩෙංගු වැළඳී අසාධ්‍ය මට්ටමේදී මෙය පානය කිරීමේ ප්‍රතිඵලයක් නොලැබේ. ඩෙංගු යැයි හඳුනාගත් වහාම මෙය පානය කළ යුතු අතර ඩෙංගු රෝගය සඳහා දෙනු ලබන බෙහෙත් සමඟ මෙය බීමට ගත හැකිය. 

මෙසේ පැපොල් කොළ යුෂ බීමට ගැනීමෙන් ඩෙංගු රෝගීන්ගේ සුදු රුධිරාණු මෙන්ම රුධිර පට්ටිකා වර්ධන කෙරේ. එසේම ‍ රුධිරය කැටි ගැසීම වර්ධනය කරන අතර ඩෙංගු වැළඳීමෙන් අක්මාවට වන හානිය යම් තරමක් දුරට සමනය වේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ රුධිර පට්ටිකා 150,000 - 350,000 අතර පවතී. ඩෙංගු රෝගය වැළඳීමෙන් එය 150,000ක් වැනි අඩු තත්වයක් පැවතියහොත් පැපොල් කොළ පානය කිරීමෙන් එය වර්ධනය කරගත හැකිය.

මගේ මව මෙන්ම සහෝදරයෙක්ද මෙම ප්‍රතිකාරය නිසා නිට්ටාවටම සුව වූ අතර මෙය රට පුරා ප්‍රචාරය කිරීම සැමගේ වගකීම වේ.
Dr.Sanath Hettige (MBBS, DFM, MD, MCGP)
The Medical Clinic                                                                            Tel – 0112851517
92,Wattegedara Rd,                                                                        Email – hettiges@sltnet.lk
Maharagama
                

Friday, July 2, 2010

ඩෙංගු වලට අපූරු බෙහෙතක්

ඩෙංගු.... සමාජයක් විදිහට අප ඉදිරියේ පවතින තවත් එක් අභියෝගයක්. නමුත් අපේ අවාසනාවකට මෙන් අනවශ්‍ය ආකාරයෙන් දේශපාලනී කරණය වීම නිසා උඩු දුවපු, එක තැන පල්වුනු එහෙමත් නැත්නම් වන වුනු ප්‍රශ්නයක් විදිහටයි මම මෙය දකින්නේ. විශේෂයෙන්ම මේ අනවශ්‍ය දේශපාලනී කරණය වීම නිසා මෙහි සම්පූර්ණ වගකීම රජය හා ඊට සම්බන්ධ ආයතන වලට පැවරීමටත් මේ සම්බන්ධයෙන් තමන්ගේ වගකීමෙන් මිදීමටත් රටේ බොහෝ දෙනෙක් පෙළඹී සිටින බව මගේ හැගීමයි.

මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු සිතන්නේ කියුබාවෙන් BTI බැක්ටීරියාව ගෙන්වීමෙන් මීට සදාකාලික විසදුමක් ලැබෙන බවයි. මීට පෙර ලිපියකින්ද මා පෙන්වා දුන්නේ එය එසේ නොවන බවයි.

අද මා සදහන් කරන්නේ මීට අපේ රටේම වෛද්‍යවරයෙක් විසින් සොයාගත් අපූරු බෙහෙතක් ගැනයි. කවුරුත් දන්න දෙයක් තමයි ඩෙංගු වැළදුනු විට අපේ රුධිරයේ රුධිර පට්ටිකි සීඝ්‍රයෙන් අඩුවන බව. සාමාන්‍යයෙන් අපේ රුධිරයේ රුධිර පට්ටිකා 150,000-450,000 ප්‍රමාණයක් රුධිර මයික්‍රො ලීටරයක තිබිය යුතුයි. රුධිර වාර්ථාවක මෙය දැක්වෙන්නේ PLT නමින්. ඩෙංගු වැළදුනු විට මෙය 50,000 දක්වා වුවත් අඩු වීමේ අවධානමක් පවතිනවා. සාමාන්‍යයෙන් භාවිතා වන බටහිටඖෂධ වලින් දිනකට මෙය වර්ධනය කරගන්නට පුළුවන් වන්නේ 10,000 පමණය. නමුත් මේ අපූරු ඖෂධයෙන් 70,000 පමණ වර්ධනයක් ලබා ගත හැක. මේ ඖෂධය තව දුරටත් අපූරු වන්නේ එය ලංකාවේ ඕනෑම ගෙවත්තක පහසුවෙන් වැවෙන ශාකයක් වීමයි. මේ දැක්වෙන්නේ පසුගිය දිනක මෙම ඖෂධය ලබාගත් රෝගියකුගේ විස්තරයි.

මෙහිදී 28 දා මෙම ‍ඖෂධය භාවිතා කළ අතර පැය 24ක කාලයක් තුළදී රුධිර පට්ටිකා 134,000 සිට 207,000 දක්වා වර්ධනය විය.

නමුත් අවාසනාවකට මේ ගැන තවමත් රටේ බලධාරීන්ගේ අවධානය යොමු වී නැත. ඒ නිසාම මේ ගැන කිසිදු හෙළිදරව්වක් කිරීමට මා පැකිළෙන්නේ කොතළ හිඹුටු වලට වූ දේ මෙයටත් වේ යැයි බියෙනි. නමුත් ඇත්තෙන්ම අප මේ ගැන රටේ අස්සක් මුල්ලක් නෑරම ප්‍රචලිත කළ යුතුය. එය‍ මා සිතන්නේ අප සැමගෙම යුතුකමකි.
‍‍
ඩෙංගු ගැන දේශපාලන කෝණයකින් නොව මිනිස් හදවතකින් බලමු. තමන්ගේ ගෙවත්තේ, ආයතනයේ ඩෙංගු මදුරුවන් බෝ නොවීමේ වගකීම තමන් අතට ගන්න. ඩෙංගු නැතිකළ හැක්කේ සමාජීය එකමුතුවකින්ම පමණී. නැතුව බැක්ටීරියාවකින්නම් නොවේ.

Wednesday, March 31, 2010

2020 කරා .......... අපිට මොකද උනේ?

කතාව පටන් ගන්න කලින් අපි ටිකක් අතීතයට යමු. වැඩි ඈතකට නෙමෙයි මීට අවුරුදු 60කට විතර අතීතයට. හරියටම කියනවා නම් වර්ෂ 1955 ට. ඒ කියන්නේ අපි නිදහස ලබලා වසර හතක් ඉක්ම ගිය තැන. ඇත්තටම එදා රටේ ආර්ථික තත්වය මොනවගේද? ටිකක් බලමු ඒ ගැන.
රටේ මුලු ආදායම - රුපියල් මිලියන 1159
රටේ මුලු වියදම - රුපියල් මිලියන 1008
අයවැය අතිරික්තය - රුපියල් මිලියන 91
විදේශීය වත්කම් ප්‍රමාණය - ඩොලර් මිලියන 258 ( මෙය එවකට මාස 10ක ආනයන වලට ප්‍රමාණවත් විය)
මුලු විදේශ ණය - ඩොලර් මිලියන 43 ( දල ජාතික නිෂ්පාදනයෙන් 3.9%)
එදා මුලු මහත් ආසියාකරයේම ලංකාවට වඩා ඉදිරියෙන් හිටියේ ජපානය පමණයි. නමුත් ජපානය ඒ වන විටත් යුද්ධයෙන් වූ හානියෙන් පීඩා විදිනවා. කොරියාව යුද්ධයෙන් දෙකඩ වෙලා. භාරතය ඉන්දියාව පකිස්තානය ලෙස දෙකඩ වෙලා. එදා ආසියාවේ පැහැදිළි අනාගතයක් හිමි ඒ සදහා හොද පදනමක් ඇති රට වශයෙන් සැලකුවේ අපේ මේ ලංකාවයි. ආසියාවේ ඇතැම් රටවලට අදටත් නැති පැහැදිලි නීති පද්ධතියකින්, විධිමත් රාජ්‍ය සේවයකින් මෙන්ම විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයකින් පමණක් නෙවේ මනා මාර්ග පද්ධතිකින් යුක්ත වූ මේ පුංචි රට බොහෝ දිගු ගමනක් යාවි යැයි බොහෝ ලෝක නායකයන් සිතු‍වා. සිංගප්පූරුවේ ලී කුවාන් යූ ඒ අතරින් එක් අයෙක්. එදා මේ තත්වය නිකම් හරියට හාවාගෙයි ඉබ්බගෙයි රේස් එක වගෙයි. නමුත් අවාසනාවකට මේ කතාව අන්තිමට අපේ ආච්චිලා අපට කියා දුන්නු හාවාගෙයි ඉබ්බාගෙයි කතාව වගේම වුනා. අන්තිමට ඉබ්බො ඔක්කෝම ටික හාවා පහු කරගෙන ගියා.
එදා අපේ තොටලග හා වෙනත් ප්‍රදේශ වල ඉන්න දුප්පත් පැල්පත් වාසීන් ඉන්න ප්‍රදේශ වලට කිව්වේ කොරියාව කියලයි. ඇත්තටම එදා මුලු කොරියාවම පැල්පත් වලින් පිරී ඉතිරුනා. නිකම් හරියට මහා අනාත කදවුරක් වගෙයි. ඒත් අද? අපේ කොරියාව නම් එහෙමමයි. හැබැයි කොරියාව නම් බොහෝම දුර ගමනක් ගිහින්. එදා අපේ රටේ ඒක පුද්ගල ආදායමෙන් තුනෙන් එකක් තිබූ කොරියවේ අද ඒක පුද්ගල ආදායම අපේ වගේ දොළොස් ගුණයක්.
මේ තත්වය ගැන සිංගප්පූරුවේ නායක ලී කුවාන් යූ මහතා තම තුන්වන ලෝකයෙන් පළමු ලෝකය කරා යන ග්‍රන්ථයේ මෙසේ සදහන් කර ඇත.
Ceylon was Britain’s model Commonwealth country. It had been carefully prepared for independence. After the war, it was a good middle-size country with fewer than 10 million people. It had a relatively good standard of education, with two universities of high quality in Colombo and Kandy teaching in English, a civil service largely of locals, and experience in representative government starting with city council elections in the 1930s. When Ceylon gained independence in 1948, it was the classic model of gradual evolution to independence.
Alas, it did not work out. During my visits over the years, I watched a promising country go to waste
ඉතින් ‍‍මොනවද හිතෙන්නේ? දුකක්, කේන්තියක්, කළකිරීමක් එහෙමත් නැත්නම් ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැක ගන්නේ වගේ හැගීමක්? හැබැයි තියෙන හකුර රැක ගන්නා අතරම ගිය හකුරත් කෙසේ හෝ සොයා යන්නට කාලය ඇවිල්ලා කියලයි මම නම් හිතන්නේ.
මේක කියවගෙන යනකොට ඕනෑම කෙනෙකුට හිතෙන දෙයක් තමයි ඇයි අපිට මෙහෙම උනේ කියලා. ඇත්ත අපිට මෙහෙම උනේ ඇයි කියලා ආපස්සට හැරිලා බලන්නත් කාලය ඇවිල්ලා. එහෙම නැතිවුනෝතින් අනාගතයේදීත් අපි අතින් ඒ වැරදි නැවත නැවතත් සිදු වේවි. අනිත් අතට අනෙකුත් රටවල් අපව පසුකරගෙන සංවර්ධනය කරා ගිය මාර්ගය කුමක්ද? ඔවුන්ගේ උපක්‍රම මොනවාද කියලත් හොයල බලන්න කාලය ඇවිත්.
අපි නිදහස ලබලා වසර 60කුත් ගෙවිලා ගිහින්. මේ අවුරුදු 60න් අවරුදු 50කටත් වැඩි කාලයක් මේ රටේ බොහෝ අය දේශපාලන තීන්දු තීරණ ගත්තේ බඩ ගැන හිතලයි. ඔබත් මමත් අපේ දෙමාපියන් විතරක් නෙමෙයි ආච්චි සීයා ද මේ ගොඩට අයත් වෙනවා. ආර්ථිකයේ ප්‍රධානතම නියමයක් තමයි ඉල්ලුමට අනුව සැපයුම. මෙය දේශපාලනයටත් අදාළයි මොකද එක්තරා ආකාරයකට දේශපාලනය යනු වෙළද ‍පොළකි. ඒ නිසා අපේ දේශපාලන පක්ෂත් ජනතාවගේ බඩ ඉලක්ක කරගෙන දේශපාලනය කළා. අදටත් එක්තරා ප්‍රමාණයකට කරනවා. හාල් සේරුව, ධාන්‍ය රාත්තල දේශපාලන කරලියට ආවේ අන්න එහෙමයි. මෙවැනි පසුබිමක් තුළ පෙර සදහන් ආකාරයේ ආ මග පිළිබද පසුවිපරමක් මෙම සමාජයෙන් බලාපොරොත්තු වන්නට බෑ.
නමුත් වසර දෙදහසින් මෙහාට මෙහි යම් වෙනස් කමක් ක්‍රමයෙන් දකින්ට ලැබෙනවා. පසුගිය ජනාධිපතිවරණය ගත්විට මේ රටේ අතිමහත් බහුතරයක් කුමන අපේක්ෂකයකුට තම මනාපය පළ කළත් ඒ පළ කලේ තමන් බඩට වඩා මේ රටට යමපත් කිරීමට බව අප තේරුම් ගත යුතුයි. අන්න ඒ නිසයි ආ මග දෙස ආපසු හැරී මේ රටට අවැසි තේරුම් ගැනීමට කාලය ඇවිත් කියා පැවසූයේ.
අපට වැරදුනේ කෙසේද කියා සංවදෙයක් මෙන්ම ඒ වරද හදාගෙන ඉදිරියට යන්නේ කොහොමද කියන එක ගැන සංවාදයක්ද අප අතරින්ම ඇතිවිය යුතුය. ඇත්තෙන්ම මේ ගැන මේ ලිපියෙන් කතා කරන්නට ගියෝතින් මේ ලිපිය ඕනෑවට වඩා දික් වේවි. ඒ නිසා ඒ ගැන අපි ඉදිරි ලිපියකින් කතා කරමු. ඒ වගේම මේ ඔබේ අදහස් ඉදිරි ලිපි සකස් කිරීමේදී බෙහෙවින් වැදගත් වේවි. මුලින් කිව්වා වගේ අපට මේ පිළිබදව සංවාදයක් ඕනෑ කරන‍වා. මේ ඒකට හොදම කාලයයි.
(මූලාශ්‍ර පාඨලී චම්පික රණවකයන්ගේ ඉදිරි දැක්ම 2020)

Saturday, September 5, 2009

ආදරණීය නායකයානෝ


මේ දවස් ටිකේ ප්‍රවෘත්ති බලපු අය නම් මේක දකින්නත් ඇති. ඒ තමයි ඉන්දියාවේ ආන්ද්‍රා පුදේශයේ මහ ඇමතිවරයා වූ රාජෙෂ්කාර් රෙඩ්ඩි (Y.S Rajshekhar Reddy) මහතා ගුවන් අනතුරකින් හදිසියේ ජිවිතක්ෂයට පත්වීම. මුලදී මේ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වුවත් පසුව පලවූ වාර්තා මා හද කම්පා කලා. ඒ ඔහුගේ හදිසි වියෝව සැළවීමත් සමග පුද්ගලයන් 100කට ආසන්න පිරිසක් හෘදයාබාධ හා සියදිවි නසා ගැනීම නිසා ජීවිතක්ෂයට පතිවීමයි.


මෙහිදී ඉන්දීය දේශපාලනය හෝ ඉන්දීය ජනතාවගේ මානසික තත්වය ගැන විග්‍රහයක යෙදීමට මා බලාපොරොත්ත්‍ර වන්නේ නෑ. නමුත් ඉන්දීය ඉතිහාසයේ මෙතරම් පිරිසක් ජීවිතක්ෂයට පත්වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකේ.

සැබවින්ම මෙය විය හැකිද? මිනිසෙක් තමාගේ නායකයාට මෙතරම් ආදරය කරනවාද? ඇත්තෙන්ම ඔව්. මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිට අද දක්වාම අපි නායකයෙක් යටතේ කණ්ඩායමක් ලෙස වැඩ කරන්නට පුරුදු වී සිටිමු. ඒ නිසාමදෝ මිනිසා දක්ෂ, නිවැරදි, බුද්ධමත් හා මනා පෞරුෂයකින් හෙබි එමෙන්ම තම සිතුම් පැතුම් ඉටු කරන නායකයන්ට දැඩි සේ ඇලුම් කරති. ඒ නායකයා රාජ්‍ය නායකයා හෝ වෙනත් දේශපාලන නායකයෙක් එහෙමත් නැත්නම් රැකියා ස්ථනයේ ස්වාමියා, පාසලේ ගුරුතුමා, පන්සලේ නායක හාමුදුරුවෝ හෝ තමන්ගේ දෙමව්පියන් හෝ විය හැකිය.

විශේෂයෙන්ම වසර දෙදහසකට වඩා වැඩි කාලයක් ශ්‍රේෂ්ඨ රජවරු සමග ජීවත් වූ ආසියාතිකයන් තනි ශක්තිමත් නායකත්වයකට දැඩිසේ ඇලුම් කරති. බොහෝ ආසියාතික රටවල අදටත් සාමකාමී ලෙස මැතිවරණ පැවැත් විය නොහැක්කේ මිනිසුන් තමන් කැමති නායකයා කෙසේ හෝ බලයට පත්වනු දැකීමට දක්වන කැමැත්ත නිසයි. හොදින් සිතා බැලුවොතින් පැහැදිළි වේවි ඕනෑම තැනකදී අප කැමති වන්නේ තනි එහෙත් නිවැරදි තීරණ ගත හැකි නායකත්වයකටයි.

අපට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියාදෙන බටහිර ජාතීන් තුළද මෙය දක්නට ඇත. එංගලන්තයේ මිනිසුන් තම රජුට කෙතරම් ආදර භක්තියක් ඇත්ද යන්න අපට හිතා ගැනීමටවත් නොහැක. ඒ නිසා නායකයකුට ආදරය කිරීම විහිළුවක් වන්නේ නිසි නායකත්වයක් අත්විද නැත්තෙකුටම පමණී. නමුත් පවුලක , සමාජයකට මෙන්ම රටකටද තමන්ගේ ගමන සාර්ථකව යෑමට නම් ආදරණීය නායකයෙක් අත්‍යාවශයය.

Saturday, August 29, 2009

වැඩ ඇරී වැඩට යන කාන්තා පරපුර උදෙසාමය

අදටත් අප රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන අංශ වන්නේ, තේ හා ඇගලුම් කර්මාන්තය වගේම අවාසනාවන්ත ලෙස විදේශ රැකියා. විශේෂයෙන්ම විදේශ ගහ සේවයයි.

බොහෝ දෙනෙක් දන්නවා වුනත් බොහෝ දෙනෙකුට පහසුවෙන්ම අමතක වන දේ තමා මේ හැම කර්මාන්තයක් වෙනුවෙන්ම දහඩිය කදුලු හෙලන්නේ අපේ රටේ අපේම අම්මලා නැන්දලා වගේම ‍අපේම අක්කලා නංගිලා කියන එක. ඒ මොන වැඩේ එක්ක ඔට්ටු වුනත් ගෙදර ආපු ගමන් ගෙදර හැමෝගෙම ඕනෙ එපාකම් ගැන හොයල බලලා රසට කෑමක් හදල දෙන්නත් ඒ අය අමතක කරන්නෙ නෑ. එහෙම තම්බලා දෙන බත් මුට්ටියේ හයිය හත්තියෙන් ඒ අයට පොඩි හෝ විවේකයක් දෙන්න කාලය ඇවිල්ලා කියලයි මට නම් හි‍තෙන්නේ.

මා මෙහි මාතෘකාව යොදා ගත්තේ ගැහැණුන් වැඩ ඇරී වැඩට යති යන කවි පදයෙනි.අවාසනාවකට නිර්මාණකරුගේ නම නම් මම නොදනිමි