Thursday, September 3, 2009

සියබසින් තාක්ෂණය හා දේශීයකරනය

මේ දිනවල තාක්ෂණය දේශීය කිරීම ගැන තැනින් තැන විවිධ අදහස් මතුවෙමින් පවතින බව විවිධ බ්ලොග් වල සදහන් වූ දේවල් වලින් මට හැගී ගියා. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණයට අදාළව දේශීය බස් වහරක් ගොඩ නැගීම පිළබද කතාබහ ඉන් විශේෂයි.

පළමුව මෙවන් අදහසක් පහළ වීම විශේෂයෙන්ම නූතන තරුණ පරපුර තුළ මෙවන්නක් ජනිත වීම ඇත්ත වශයෙන්ම පැසසිය යුතුය. මීට දශකයකට දෙකකට පමණ පෙර දේශීයත්වයට සිනහ වූ එයට ගැරහූ සමාජයක් ‍තුළ මෙවන් අදහස් පහළ වීම ගැන අප අවංකවම සතුටු විය යුතුය.

මා දන්නා පරිදි මෙතෙක් කලක් සිදුවූයේ අපේ සමහර උගතුන් දේශීය බස් වහරක් ගොඩනගනවා යැයි කියා අප කිසි දිනක අසා පුරුදු නැති, කට උලුක්වන උච්චාරණයක් ඇති වදන් අප ඉදිරියේ තැබීමයි. එහෙමත් නැත්නම් Universal joint සදහා සර්ව ලෝක පූට්ටුව වගේ අපට විහිළු සපයන වදන් නිර්මාණය කිරීමයි. ඒ නිසා මින් ඉදිරියට එම වරද සිදු නොවන්නට අප වග බලා ගත යුතුය. එය එතරම් අපහසු නොවන්නේ සිංහල සැබවින්ම පොහොසත් බසක් නිසාවෙනි.

මේ සම්බන්ධයන් කතා කරන විට තනිකර සිංහල යන ප්‍රතිපත්තිය පිළිගැනීමට තරමක් අපහසුය. කව්රු කොහොම මොනව කිව්වත් අපේ රටේ පුද්ගලයකුට දැනුම හා තොරතුරු සොයා ගැනීමට ඇති පහසුම මාර්ගය විවර කරන්නේ ඉංග්‍රීසියයි. සිංහලෙන්ම වැඩ කරමු කියන හැම පණ්ඩිතයෙක්ම හොද ඉංග්‍රීසි උගතෙකි. ඔවුන්ගේ දරුවන්ද එසේ ඉගෙන ගන්නා බව අමතක නොකල යුතුය. දේශීයකරන ක්‍රියාවලිය නිසා යමෙකු‍ට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට ඇති පෙළඹවීම අඩු නොකල යුතුය.

මෙයින් මා අදහස් කලේ ඉංග්‍රීසි තමන්ගේ සේවකයා කරගත් නිවහල් දේශීය චින්තනයකින් යුත් තරුණයකු බිහි කිරීම අපේ රටට උචිත සංවර්ධනයක් ඇති කිරීමට ඇති පහසුම හා සාර්ථකම මග බවයි. අන්න ඒ සදහා තාක්ෂණය දේශීයකරනය යොමු කිරීම වැදගත් බවයි මගේ හැගීම.

6 comments:

  1. ඔබ සමඟම මම එකඟයි.

    සර්වලෝක පූට්ටුව, හිනාකාලා මැරෙනවා.. බිපෙසි

    ReplyDelete
  2. දන්නවද දන්නෑ ඊයෙ මොරටුව සරසවි භූමියෙ පැවැත්වුනා සියබසින් නිමවූ පද්ධති හා යෙදුම් පිළිබඳ සම්මන්ත්‍රණයක්. (Symposium on Localised Systems & Applications) මහාචාර්ය J.B. දිසානායක ඇතුළු දේශීයකරණය සම්බන්ධ විද්වතුන් බොහෝමයක් මෙන්ම සිංහල බ්ලොග්කරුවන් කීපදෙනෙක්ද මීට සම්බන්ධ උනා. මේ සම්බන්ධ ලියවෙච්ච බ්ලොග් ලිපි කීපයක් තියෙනවා. කියවලා බලන්න.

    ReplyDelete
  3. සහතික ඈත්ත. ඕක කරන්නනම්, වරද්ද වරද්දා ඉංගිරිසි ඉගෙන ගන්න හදන අපේ ගමේ එකාට, හිනා වෙන එක නවත්තන්න ඕනා.

    ReplyDelete
  4. ඇත්තටම අපිත් මෙතනදි කියන්න උත්සාහ කලේ සියබසින් නිමවූ පද්ධති හා යෙදුම් මහජනයා අතරට ගෙන යෑම විහිලුවක් නොවිය යුතු බවයි.. මේක මහාචාර්ය වරු කොතෙක් දුරට පිලිගත්තාදැයි අප දන්නේ නැහැ.

    ReplyDelete
  5. ඇත්තටම මේ වැඩේ රට්ටු හිනසන්නෙ නැතුව කරන්න ඕනෙ දෙයක්. මොකද අන්තිමට මේකෙ තියෙන වචන වලට මිනිස්සු හිනා වෙන්න ගත්තොත් හරි, ඒ වචන ටික හරියට අන්ඩර දෙමළ වගේ උනොත් කිසිම වැඩක් නෑනෙ, අන්තිමට මොකද්ද කිව්වෙ, ඉංග්‍රීසි වචනය සම්පූර්ණයෙන්ම සිංහලෙන් කිව්වත් කමක් නෑ කිව්ව. (ඔය ධනික කිව්ව සම්මන්ත්‍රණයෙදි වෙච්චි දෙයක් මම කිව්වෙ.) කෝ එතකොට මේ කියන දේශීයකරණය?

    ReplyDelete
  6. @ මාධව
    ඇත්තටම හැම දේකටම අපේ වදනක් යෙදීම අත්‍යවශ්‍ය වෙන්නෙ නෑ. ඒක එහෙම කරන්න පුළුවන් කියලත් මම හිතන්නෙ නෑ. ලෝකෙ කොහෙවත් ඒක එහෙම වෙන්නෙත් නෑ.
    දේශීයකරණය කියන්නෙ බොරුවට රෙද්ද බැනියම අදින එක නෙමෙයි. මොන ඇදුම ඇන්දත් ඒක ඇතුලෙ ඉන්න මිනිහගෙ චින්තනය දේශීය කිරීමයි. හැබැයි රෙද්ද බැනියම අදින සිංහලෙන් හිතන මිනිහෙක් වඩා හොදයි. මෙන්න මේවත් කියවල බලන්න.

    http://aluthidea.blogspot.com/2009/08blog-spot_7718.html

    ReplyDelete