Thursday, January 28, 2010

කව්ද මෝඩයෝ?

ම්ම්ම්.... වැඩ ගොඩක් මැද්දෙ ඉදගෙන වුනත් මට ‍මේ ලිපිය ලියන්න හිතුනේ මා දුටු blog කිහිපයක් හා facebook එකේ දුටු අදහස් කිහිපයක් නිසයි. ඇතමෙක් මේක බොහොම ප්‍රාථමික,ළාමක මෙන්ම ගල් යුගයේ මතයක් ලෙස දකින්නට පුළුවන්.

මම කතා කරන්න යන්නේ ජනාධිපතිවරණය හා රාජ සංකල්පය ගැනයි. කිහිප දෙනෙක් ජනතාව තුළ තිබෙන රාජ සංකල්පය බොහොම සමච්චලයට ලක් කර තිබුනා. නමුත් මම දකින ආකාරයට අපේ රටේ විතරක් නෙමෙයි දකුණු ආසියාව පුරාම ජනතාව ශ්‍රේෂ්ඨ රජෙක් යටතේ ජීවත් වීමට තවමත් ප්‍රිය කරනවා. එය මෝඩ කමක්වත් සිනහවට කාරණයක්වත් නොවෙයි. ඒ වසර දෙදහස් ගණනක් මුලුල්ලේ රජුන් සමග ජීවත් වීම අපේ ලේ වලට බද්ධ වී තිබීම නිසයි.

මේ තත්වය අපට දේශපාලන කරලිය පුරාම දකින්නට ලැබෙනවා. ජනතාව තමන් සහය දක්වන දේශපාලන පක්ෂය එහි නායකයා කුමන තීන්දු තීරණ ගත්තද ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ තමන්ගේ රාජ පක්ෂපාතීත්වය නොහොත් නායකත්වයට ඇති පක්ෂපාතීත්වය නිසාය. ඒ නිසා ෆොන්සේකා මහතාට මනාපය පල කළ අයගෙන් අතිමහත් බහුතරයක් එසේ කළේ මේ කාරණාව නිසාමය. එදා රනිල් වික්‍රමසිංහ මහතා තම පාක්ෂිකයන්ට දුන් නියෝගය අනුව ඔවුන් කටයුතු කර ඇත. තවමත් රටේ බහුතරයකගේ ස්වභාවයයි.

මා දකින්නේ මහින්දට ඡන්දය දුන් බොහෝ දෙනෙකු එතුමාට ඡන්දය දුන්නේ ඉමහත් ආදරයකින් යුක්තවය. ඡන්දය දැමීමට පෙර බුදුන් වැද පහන් පත්තු කර මහින්ද දිනේවා යැයි ප්‍රාර්ථනය කර ඡන්ද පොළට ගිය ඡන්ද දායකයෝ මම පුද්ගලිකවම හදුනමි. ඔබ බොහෝ දෙනෙකුට එය සිනහවකට කාරණයක් වේවි. නමුත් ඇත්ත තත්වය නම් රටේ ජනතාව හද පතුලෙන්ම ආදරය කරන නායකයකු අද පහළ වී ඇත.

මේ තත්වය අන්තර්ජාලයේ සිටින ඇතැම් පණ්ඩිතයන්ට ජනතාව මොඩයන් සේ පෙනීමට හේතු වී ඇත. තමන් ජනතාව වෙත ඉදිරිපත් කළ මතය පැහැදිළී ලෙස ප්‍රතික්ෂේප වූ විට ජනතාව මොඩයෝ යැයි චෝදනා කිරීම නරියා මිදි තිත්තයි කිව්වා වැනිය. අවංකවම තමන්ට වැරදුනේ කොතැනද ජනතාවගේ සිතුම් පැතුම් කෙසේදැයි තේරුම් ගැනීමට මොවුන්ට පුළුවන්නම් මීට වඩා අගනේය.

15 comments:

  1. රාජ සංකල්පය දකුණු ආසියාවට විතරක් ආවේනික වෙච්ච දෙයක් නෙමෙයි. මධ්‍යතන යුගය වෙනකොට මුලු ලෝකයම පාලනය කලේ රජවරුන්, අධිරාජවරුන් විසින්. ඒහෙමයි කියලා මුලු ලෝකයේම මිනිස්සු තවමත් රජෙක් යටතේ පාලනය වෙන්න කැමතියි කියලා කියන්න බෑ නේද?

    ලාංකිකයන් රජෙක් යටතේ පාලනය වෙන්න කැමති නිසා මහින්ද මහත්තයාට ඡන්දය දුන්නා කියන කතාව පදනමක් නැති කතාවක් වගේම ඊට ඔබ මේ සපයන alternative එකත් කිසිදු පදනමක් නෑ කියලයි මම හිතන්නේ.

    ReplyDelete
  2. එහෙම හොඳ නම් ඉතින් මෙහෙම්ම ඉමු.. පළවෙනි ලෝකෙ රටවල් තව තවත් ඉස්සරහට යයි, ලංකාව තව අඩියක් හරි පස්සට යයි..

    ReplyDelete
  3. අංජන,
    ඔබ පවසන්න උත්තසාහ කරනා කාරණය අදවන විට ලාංකීය සමාජයතුල නොයෙක් මට්ටමවලින් සාකච්ඡාවට භාජනය වෙමින් පවතී. කෙසේ වුවද ඔබ මේ අදහස් දක්වන්නේ ඔය කියන තත්වය පිළිබඳව හොදින් හදාරාද? එසේනම් මටද ඔබෙන් දැන ගැනීමට ඇති දේ බොහෝය. මොකද මමත් දේශපාලකයෙක් බැවිනි. කරුණාකර හැකි ලෙස මටත් උදව් කරන්න. බලන්න මා ලියූ සටහනත්. http://memberdotcom.blogspot.com/2010/01/blog-post.html

    ReplyDelete
  4. චන්දෙ දීපු ජනතාව මෝඩයෝ තමා :D

    ReplyDelete
  5. "අපේ රටේ විතරක් නෙමෙයි දකුණු ආසියාව පුරාම ජනතාව ශ්‍රේෂ්ඨ රජෙක් යටතේ ජීවත් වීමට තවමත් ප්‍රිය කරනවා." යන්න කරුණු කාරණා හා දැන අවබෝධය නැති අපිට පහදා දුන් මැනැවි.


    "නායකයා කුමන තීන්දු තීරණ ගත්තද ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ තමන්ගේ රාජ පක්ෂපාතීත්වය නොහොත් නායකත්වයට ඇති පක්ෂපාතීත්වය නිසා" V for vendetta වැනි මනඃකල්පිත චරිතයක් හරහාවත් කිය දෙයක් මෙහි තබන්නම්.
    "People should not be afraid of their governments. Governments should be afraid of their people."

    ReplyDelete
  6. දකුණු ආසියානු කලාපයේ ඇත්තේ යටත්විජිත පාලනයක් යටතේ ලැබුනු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයන්ය. ප්‍රංශයේ හෝ රුසියාවේ මෙන් රජ පාලනයට එරෙහිව ජනතාව විසින් සටන් කොට ලබා ගත්තක් නොවේ.
    වෙනත් බොහෝ රටවල ජනාධිපතිවරයාද සැලකෙන්නේ රාජ්ය සේවකයකු ලෙස මිස රජකු ලෙස නොවේ.
    Mr. President not HE President.
    සමහරුන් තවමත් හමුදා පාලනයක් හෝ ඒකාධිපතිපාලනයක් මගින් රට හැදීමට හැකි යයි විශ්වාස කරන්නේද මේ නිසා විය හැකිය.

    ReplyDelete
  7. මටත් හිතන්නේ වෙනදට වඩා වෙනස් ජනාධිපති කෙනෙක් තමයි මහින්ද මහත්තයා.ඒ මොකද කිව්වොත් අනිත් ජනාධිපති වරුන් එක්ක සසඳා බැලුවත් ජනතාව ගොඩක් දෙනෙක් එයාට ආදරෙයි.චන්ද ඇති නැති කියලා භේදයක් නැතුවම.ඇත්තටම ඡන්දේ මහින්ද මහත්තයා දිනුවට පස්සේ රූපවාහිනියේ ගිහිපු "ආයුබෝවේවා මහ රජාණනි" ගීතය අහලා මට ඇත්තටම ඇඬුන.දුකකට නෙවෙයි සතුටට.ඇත්තටම අපේම කියන්න පුලුවන් තාත්තා කෙනෙක් කියලයි මටනම් දැනෙන්නේ.(මට ඡන්දය නැති වුනත් මම මගේ අදහස ප්‍රකාශ කලා.මට ඡන්දය නැති එක කිසිම කෙනෙකුට ප්‍රශ්නයක් නොවේවි කියල හිතනව.)

    ReplyDelete
  8. රජෙක් ගෙන් පාලනය වන්නට පැතීම අද කාලේ හැටියට පරාධින බවේ සංකේතයකි.

    ලිච්ඡවි රජ දරුවෝ අද නැත. ඇත්තේ පයිරේට් රජවරුය.

    අනේවාසික

    ReplyDelete
  9. "නායකයා කුමන තීන්දු තීරණ ගත්තද ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ තමන්ගේ රාජ පක්ෂපාතීත්වය නොහොත් නායකත්වයට ඇති පක්ෂපාතීත්වය නිසා" -
    පෙනි සිටින බව නම් සත්‍යක් එහෙත් එයට හේතුව එයින් ත්මන්ට ලැබෙන පෞද්ගලික ලාභ ප්‍රයෝජන මිස වෙනෙකක් නොවේ.

    ReplyDelete
  10. මාදව,ඉතින් මු මහින්දට සලකන්නේ රජතුමා රජතුමා කියලා.උන්නැහේ සාමන්ය දැනුමවත් නැතිව නිකන් ලෝක ඉතිහාසය දන්නවා වගේ පොර ටෝක් දෙනවා.

    ReplyDelete
  11. @ Express (දිලංක මාධව)

    සමහර විට තව අවුරුදු කීපයක් යනකොට උඹට මේ රටේ ඉන්න හිටින්න නිදහස නැති වෙනකො නිකංම ඇ‍ඬේවි ආයෙත් :D
    එදාට උඹ පරක්කු වැඩියි :D

    ReplyDelete
  12. කතාව ඇත්ත නම්,
    අපි ලාංකාවේ රජ කෙනෙක් පතන ජනතාවට මෝඩ යැයි නොකිය ඉමු. ඇත්තටම ඒක මොඩ කම නෙමෙයි, තාමත් එයාලා ජීවත් වෙන්නේ හිතෙන් ඉස්සර රජ කාලෙ නිසා. හරි පව්, ඇහැරවන්න හොඳ නැහැ. මොකද මේක අපේ උරුමය නේ.
    ඔය විදේශීය අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණකාරයෝ වැඩවසම් සමාජ ක්‍රමය යල් පැනලාය කිව්වට අපි ඕවට අහු වෙන්න හොඳ නැහැ. අපි කොහොම හරි අපේ රාජාවත් අරගෙන යන්න ඕන එතැනට. නැතිනම් අපේ දේශප්‍රේමයෙන් වැඩක් ගන්නේ කොහොමද?

    සුභ අනාගතයක්!! හො‍ඳේ.

    ReplyDelete
  13. එහෙනමි ප්‍රාග් ඓතිහාසික යුගයේ හිට්යා කියලා ඇදුමි නැතුව හිටියනමි හරි.

    ReplyDelete
  14. @ඉන්ද‍්රේ

    පට්ට කථාව.
    සුභ අනාගතයට කෙල වෙන හැටි ඉදිරි වස‍්ර තුල ඔබ සැමට දැකගන්න පුලුවන් වෙවී.

    ReplyDelete
  15. හක් හක් හා..
    හක් හක් හා..
    හක් හක් හා..

    මේකේ ලියාපුවා දැකලා, මට හිනාව නවත්ත ගන්න බෑ..

    ReplyDelete