Thursday, August 11, 2011

සිංහල ‍‍බෞද්ධ සංස්කෘතිය මත පදනම්ව විද්‍යාවක් බිහි කළ හැකිද?


මුලින්ම කියන්න ඕනේ මම කවදාකවත් මහාචාර්ය නලීන් ද සිල්වා මැතිතුමාගේ අනුගාමිකයෙකුවත් එතුමාව දැඩි ලෙස විවේචනය කරන්නෙකුවත් නොසිටි බව. උසස් පෙළ සමත් වීමෙන් පසු එතුමාගේ විද්‍යා කතන්දර කෘතිය මිලට ගත්තත් අද වනතුරු හරියට කියවලා නොතිබුනත් ( දැන්නම් කොහොම හරි කියවන්න ඕනේ) එතුමාගේ මතය එතුමාගේ වචන වලින්ම අහගන්න ආසාවක් හිතේ අස්සක මුල්ලක සැගවිලා තිබුනා. ඇත්තටම අපි යමක් පිළිගන්න හරි විවේචනය කරන්න හරි කලින් ඒ සම්බන්ධයෙන් හොද අධ්‍යයනයක් කරන්නට අවශ්‍යයි. කෙසේ වුවත් එතුමගේ දේශන සොයාගෙන ගොස් සහභාගී වීමට කරම් උනන්දුවක් මා තුළ නොමැති වූ බවද පිළිගන්නටම ඕනේ කාරනයක්.

ඉතින් මට මේ සදහා හොද අවස්ථාවක් ඊයේ දිනයේදී උදාවුනා. ඒ එතුමාගේ දේශනයක් අපගේ විශ්ව විද්‍යාලයේදී පැවැත්වූ බැවින්. මාතෘකාව වුනේ "සිංහල ‍‍බෞද්ධ සංස්කෘතිය මත පදනම්ව විද්‍යාවක් බිහි කළ හැකිද?" යන්නයි. පැහැදිලිවම කියනවා නම් බලාපොරොත්තු වූවාට වඩා හිතන්නට යමක් ඉතිරි කළ දේශනයක් ලෙස එය හදුන්වන්ට පුළුවන්. නිතර බ්ලොග් නොලියන මම මේ සම්බන්ධයෙන් සටහනක් තබන්නට කල්පනා කලෙත් ඒ නිසයි.


හැබැයි මේ කතාව අහලා මම එතුමාගේ අනුගාමිකයෙකු වුනේ නෑ. නමුත් එතුමා කියන කතාවේ ඇත්තක් පදනමක් තියනවා කියන එක නම් තේරුම් ගත්තා. ඒක මගේ ජීවිතයට බොහොම වැදගත් වන බව දැනුනු නිසයි ඒක බෙදා හදා ගන්නට මෙහි අවේ.

එක එක පාට කණ්නාඩි දාගෙන බලන්නේ නැතුය පුළුවන් තරම් මධ්‍යස්ථව හා උපේක්ෂාවෙන් මේකට ඇහුම්කන් දීලා බලන්න

1 comment:

  1. මම මේක ඇහුවා... ප්‍රථම වතාවට මම මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමාගේ දේශනයක් ඇහුවේ.. තීරණයක් දෙන්න තරම් මුහුකුරා ගිහින් නැති නිසා මොකුත් කියන්නේ නෑ... හැබැයි එතුමා කියන දේම ඔයතරම් අන්තවාදී නොවී හෙමිහිට කරන්න අපිට පුලුවන් නේද කියල මට හිතුණා... ලබා දුන්නාට බොහෝම ස්තූතියි..

    ReplyDelete