Saturday, February 27, 2010

හීන බලන්න බය වෙන්න එපා..........

මීට වසර 5 කට 10 කට පෙර පැවතුන තත්වය ගැන කල්පනා කරන කොට ඇත්තටම අපිට සන්තෝස වෙන්න පුළුවන්, විශේෂයෙන්ම අපේ රටේ තීරණාත්මක යුගයක් අපේ ජීවිතයේ හොදම කාලයේදී පහළ වීම ගැන. ඒ කියන්නේ අපේ රටේ සෑම අංශයක්ම සංවර්ධනය කරන්න පුළුවන් හොදම අවස්ථාව මේකයි. මේ වගේ වෙලාවක තරුණයන් විදිහට අපිට කරන්න පුළුවන් දේ අප්‍රමාණයි.

හැබැයි මේ සංවර්ධනය කියන්නේ ලංකාව සිංගප්පූරුවක්වත් ඇමරිකාවක්වත් කරන එක නම් නෙමෙයි. ලංකාව ලංකාවම විය යුතුයි. අපේ සංවර්ධනය අපටම අවේණික විය යුතුයි. මෙතුවක් කල් අප අනෙකුත් රටවල් පරමාදර්ශයන් කරගෙන ඒ රටවල ආකෘතියක් මෙහි ගොඩ නගන්න උත්සාහ කළා. මම හිතන්නේ අපට වැරදුනෙත් ඒ නිසාම කියලයි.

මෙතාක් එවැනි දේවල් සිද්ධ වුනේ අපේ පාලකයන්ගේ මෙන්ම ජනතාව තුළද තිබුනු හීනමානයයි. අපට බෑ, අපට නෑ, සුද්දො තමයි වැඩ කාරයා, ඒ රටවල ඉන්න විශේෂඥයෝ තමයි ඕව දන්නේ.... මෙන්න මේ වගේ චින්තනයක් තමයි අපට තිබුනේ. නමුත් වාසනාවකට පහුගිය අවුරුද්දේ ලැබූ ඒ ශ්‍රේෂ්ඨ විජයග්‍රහණය තුළින් මේ චින්තනය දෙදරා ගියා. දශක ගණනක් පුරා හිතේ පැල පදියම් වූ චින්තනයක් එක රැයින් ඉවත් වන්නේ නෑ. මේ නිසාම මෙම දීන සිතුවිලි අපගේ යටි හිතේ තවමත් හොල්මන් කරනවා. මේ අවස්ථාවෙන් අපි නිසි ප්‍රයෝජන ගත්තේ නැත්නම් ඒ දීන සිතුවිලි නැවතත් අපව වෙලා ගනීවි.

මේ ලොකයේ දියුණු රටවල් වගේම ඕනෑම සමාජයක දියුණු ( පොහොසත්) මිනිසුන් සිටිනවා. මේ රටවල් වගේම මේ මිනිස්සුත් පටන් ගත්තේ බොහොම පොඩි තැනකින්. ඔවුන් බොහෝ දෙනෙකුට හීන තිබුනා. මිනිහෙක් හෝ සමාජයක් සිහින දැකිය යුතුයි. සිහින දකින්නේ නැතිව කිසි දිනක කිසිම අරමුණක් ජය ගත නොහැකියි. යමක් ජය ගැනීමට නම් ඒ සදහා සිහින දැකිය යුතුය. ආශා කල යුතුය. මෙයයි මානව ස්වභාවය.

අප ලොකු ලොකු සිහින දකින්නේ නම් අපගේ අරමුණුද විශාලය. නමුත් ලගා කරගැනීම අපහසුය එසේම ලගා කරගත් විට ප්‍රතිලාභද විශාලය. මා දකින ආකාරයට ජාතියක් විදිහට අපි ලොකු සිහින දැකීමට බයක් දක්වයි. ඒ පෙර සදහන් කල දීන සිතුවිලි නිසාමය.

පහුගිය දිනවල කතාවුනු එක් මාතෘකාවක් තමයි ලංකාවෙනුත් සන්නිවේදන චන්ද්‍රිකාවක් යැවීම. කී දෙනෙක් මේකට හිනා වුනාද? මේ සිහිනය ප්‍රතික්ෂේප කලාද? ඇත්තම කියනවා නම් එවැනි දෙයක් කිරීමට අපට පුළුවන් කියා හිතන්න හුග දෙනෙක් අකමැතියි. බයයි. මේ අපට වැරදුනු තවත් තැනක්.

ලොකු හීන දකින්න බය වෙන්න එපා. මොකද මේ රටේ කොල්ලන්ට කෙල්ලන්ට කරන්න බැරි දෙයක් නෑ. අතීතය දිහා හැරිලා බැලුවොතින් ඒක පැහැදිලියි.

හැබැයි තව දෙයක් කියන්න තියනවා. ඒ තමයි හීන බල බල ඉදල නම් මදි. ඒ හීනය සැබෑ කරගන්න අපේ උපරිමයෙන්ම මහන්සි වෙන්න ඕනේ. සිහින දකින්නේ නැතිව වැඩ කරන්න බෑ. වැඩ කරන්නේ නැතුව සිහින වලින් ඇති වැඩක් නෑ. අපිට මේ දෙකම වුවමනායි අපේ රට හෙට සුරපුරයක් කරන්න නම්.

Friday, February 26, 2010

රසායන හා ක්‍රියාවලි පිළිබද ඉංජිනේරුවෝ

අපි එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන සබන් කැටයේ පටන් කර්මාන්තශාලාවේදී භාවිතා කරන අධි සාන්ද්රභ සල්ෆියුරික් අම්ලය දක්වා මෙකී නොකී සෑම දෙයක්ම නිපදවෙන්නේ කොහේ හෝ කර්මාන්තශාලාවක මහා පරිමාණයෙන්ය. මේ සෑම දෙයකම ආරම්භය වුනේ විද්යානගාරයයි. විද්යා ගාරයේදී පරීක්ෂණ නල කිහිපයක්, බීකර කිහිපයක් යොදා ගෙන නිපද වූ දෑ කර්මාන්තශාලාවක් දක්වා විකාශය කිරීමට විද්යාකඥයකුගේ දැනුම ප්රරමාණවත් නැත. ඉංජිනේරුවරයකුගේ දැනුම ද ප්රමමාණවත් නැත. ඒ සදහා මේ සියලු දැනුමේ සංකලනයක්, එනම් රසායන හා ක්රිකයාවලි පිළිබද ඉංජිනේරුවෙක් (chemical and process engineer) තමයි ඕනෙ කරන්නේ.

ලාංකික අපට තරමක් නුපුරුදු වුනාට ලෝකය පුරාම ඉතා ඉහළ ඉල්ලුමක් තියෙනල ඒ වගේම ඉහළ වැටුප් තලයක පවතින වෘත්තියක් ලෙස මෙය දක්වන්න පුළුවන්.

ඇතමෙක් මෙය universal engineering ලෙස හැදින්වීමටද උත්සාහ දරනවා. එහි යම්තාක් දුරකට සත්යiයතාවයකුත් තියෙනවා. ඒ chemical and process engineering යනු සියළුම ඉංජිනේරු විෂයන්ගේ මෙන්ම රසායන හා පරිඝනක විද්යා වේද එකතුවක් වන නිසාවෙනි.

ලංකාව තුළ මෙම වෘත්තිය තවමත් ප්රේචලිත නැත්තේ අප රටේ කර්මාන්තශාලා නොමැති වීමයි. අප සතුව පැවති රනාල සල්ෆියුරික් කර්මාන්තශාලාව, පරන්තන් රසායන කර්මාන්තශාලාව, යූරියා කර්මාන්තශාලාව ආදී සියල්ල අද වැසී ගොස්ය.

නමුත් නැවතත් නැගී සිටීමට කාලය එළඹ ඇත. මේ පිළිබදව තවත් ලිපි කිහිපයක් ඉදිරියේදී පල කිරීමටද අදහස් කරමි.

Thursday, January 28, 2010

කව්ද මෝඩයෝ?

ම්ම්ම්.... වැඩ ගොඩක් මැද්දෙ ඉදගෙන වුනත් මට ‍මේ ලිපිය ලියන්න හිතුනේ මා දුටු blog කිහිපයක් හා facebook එකේ දුටු අදහස් කිහිපයක් නිසයි. ඇතමෙක් මේක බොහොම ප්‍රාථමික,ළාමක මෙන්ම ගල් යුගයේ මතයක් ලෙස දකින්නට පුළුවන්.

මම කතා කරන්න යන්නේ ජනාධිපතිවරණය හා රාජ සංකල්පය ගැනයි. කිහිප දෙනෙක් ජනතාව තුළ තිබෙන රාජ සංකල්පය බොහොම සමච්චලයට ලක් කර තිබුනා. නමුත් මම දකින ආකාරයට අපේ රටේ විතරක් නෙමෙයි දකුණු ආසියාව පුරාම ජනතාව ශ්‍රේෂ්ඨ රජෙක් යටතේ ජීවත් වීමට තවමත් ප්‍රිය කරනවා. එය මෝඩ කමක්වත් සිනහවට කාරණයක්වත් නොවෙයි. ඒ වසර දෙදහස් ගණනක් මුලුල්ලේ රජුන් සමග ජීවත් වීම අපේ ලේ වලට බද්ධ වී තිබීම නිසයි.

මේ තත්වය අපට දේශපාලන කරලිය පුරාම දකින්නට ලැබෙනවා. ජනතාව තමන් සහය දක්වන දේශපාලන පක්ෂය එහි නායකයා කුමන තීන්දු තීරණ ගත්තද ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ තමන්ගේ රාජ පක්ෂපාතීත්වය නොහොත් නායකත්වයට ඇති පක්ෂපාතීත්වය නිසාය. ඒ නිසා ෆොන්සේකා මහතාට මනාපය පල කළ අයගෙන් අතිමහත් බහුතරයක් එසේ කළේ මේ කාරණාව නිසාමය. එදා රනිල් වික්‍රමසිංහ මහතා තම පාක්ෂිකයන්ට දුන් නියෝගය අනුව ඔවුන් කටයුතු කර ඇත. තවමත් රටේ බහුතරයකගේ ස්වභාවයයි.

මා දකින්නේ මහින්දට ඡන්දය දුන් බොහෝ දෙනෙකු එතුමාට ඡන්දය දුන්නේ ඉමහත් ආදරයකින් යුක්තවය. ඡන්දය දැමීමට පෙර බුදුන් වැද පහන් පත්තු කර මහින්ද දිනේවා යැයි ප්‍රාර්ථනය කර ඡන්ද පොළට ගිය ඡන්ද දායකයෝ මම පුද්ගලිකවම හදුනමි. ඔබ බොහෝ දෙනෙකුට එය සිනහවකට කාරණයක් වේවි. නමුත් ඇත්ත තත්වය නම් රටේ ජනතාව හද පතුලෙන්ම ආදරය කරන නායකයකු අද පහළ වී ඇත.

මේ තත්වය අන්තර්ජාලයේ සිටින ඇතැම් පණ්ඩිතයන්ට ජනතාව මොඩයන් සේ පෙනීමට හේතු වී ඇත. තමන් ජනතාව වෙත ඉදිරිපත් කළ මතය පැහැදිළී ලෙස ප්‍රතික්ෂේප වූ විට ජනතාව මොඩයෝ යැයි චෝදනා කිරීම නරියා මිදි තිත්තයි කිව්වා වැනිය. අවංකවම තමන්ට වැරදුනේ කොතැනද ජනතාවගේ සිතුම් පැතුම් කෙසේදැයි තේරුම් ගැනීමට මොවුන්ට පුළුවන්නම් මීට වඩා අගනේය.

Friday, November 6, 2009

යළි පුබුදින නැගෙනහිර

පසුගිය දා පොතුවිල්, ආරුගම්බේ, පානම, අම්පාර වැනි ප්‍රදේශ වල සංචාරය කිරීමට මට අවස්ථාව උදා වූවා. එහිදී අසන්නට දකින්නට ලැබුනු කරුණු කිහිපයක් ඔබත් බෙදා හදා ගන්නයි මේ සුදානම. ඇත්තටම මේ ප්‍රදේශ කොටි ත්‍රස්තවාදයෙන් හා සුනාමියෙන් බැට කෑ ප්‍රදේශ ලෙස හැදින් වූවොත් වඩාත් නිවැරදියි. බලන බලන අත කුඹුරු අක්කර දස දහස් ගණනින් යුතු මෙම ප්‍රදේශය අද වන විට යලිත් පිබිදෙන ආකාරය එහි යන ඕනෑම අයෙකුට දැක ගන්නට පුළුවන්.


සියඹලාණ්ඩුව - පොතුවිල් , පොතුවිල් - පානම මෙන්ම පොතුවිල් - මඩකලපුව මාර්ග ලහි ලහියේ ඉදිවන්නේ එම ප්‍රදේශ වලට සංවර්ධනයේ අරුණලු නංවමින්. මේ තියෙන්නේ එම සංවර්ධනය මගේ කැමරා ඇසට හසු වූ ආකාරයයි.







පොතුවිල් - පානම මාර්ගයේ ඉදිවන නව බෝක්කුවක්.










පොතුවිල් - පානම මාර්ගයේ නව පාලමක් ඉදියවමින්








පොතුවිල් - පානම මාර්ගය












ආරුගම් බොක්ක පාලම ඉදිවී ඇති අයුරු.













පොතුවිල් මඩකලපුව මාර්ගය ඉදිවෙමින්








පොතුවිල් මඩකලපුව මාර්ගය ඉදිවෙමින්











නව පාලමක්






දශක තුනක් පුරා පීඩා විදි ප්‍රදේශයක් මෙලෙස පිබිදෙන විට ඇතිවන හැගීම ඡායාරූප කිහිපයකින් බෙදා හදා ගැනීම කළ නොහැකි වුවත් අපට නොදැනිම අපේ රටේ මෙවන් වැදගත් වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක බවවත් ඔබට වැටහේවි.