මේ දවස් ටිකේ සෑහෙන්න කාර්ය බහුල නිසා මුකුත් ලියන්නෙ නැතුව ඉන්නයි හිටියේ. ඒ වුනත් අද වෙච්ච දේ නොකියාම බැරි නිසා පුළුවන් තරම් කෙටියෙන් කියලා දාන්නම්.
මම ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ අපේ රටේ විතරක් නෙම් මුළු ලෝකෙම තියෙන කුණු ප්‍රශ්නය ගැන. (සමහරු හිතාගෙන ඉන්නේ ඒක තියෙන්නෙත් අපේ රටේ විතරයි කියලනේ). ඉතින් මේකට අපූරු විසදුමක් අපේ රසායන හා ක්‍රියාවලි පිළිබද ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ හිටපු අංශ ප්‍රධානී මෙන්ම විශිෂ්ඨ ඉංජිනේරු වරයෙක් වන S.A.S. පෙරෙරා මහතා විසින් සොයාගෙන තියෙනවා.
ඒ ගැන කෙටි විස්තරයක් විතරක් මම දැනට කරන්නම්. දැනට ලෝකය පුරාම සිදුවන්නේ කුණු ක්ෂුදු ජීවීන් මගින් දිරාපත් කරවීමයි. (Digestion) නමුත් මිනිසා කුණු නිපදවන වේගයට අනුරූපීව ඒවා දිරාපත් කළ නොහැකි නිසා ලොව පුරාම කුණු කදු ගොඩ නැගෙනවා. මෙම තාක්ෂණය සම්පූර්ණයෙන්ම මිනිසා විසින් පාලනය කරන අධිවේගී ජීර්ණ ක්‍රියාවලියක්. මෙම තාක්ෂණයෙන් ඕනෑම කාබනික හෝ රසායනික අපදුව්‍යයක් පැය කිහිපයකින් ජීර්ණය කර කාබනික පොහොර බවට පත් කරන්න පුළුවන්.
අද අපි විශ්ව විද්‍යාලයේදී මෙය ප්‍රායෝගිකව අත්වින්දා. වෙළද පොළේ ඉතිරි වූ මාළු, ආපනශාලාවේ ඉතිරි වූ ආහාර , ලී කුඩු, වැසිකිළි පද්ධදියේ ඉතිරි වන අපදුව්‍යය (sewage sludge) ආදිය පැයක් ඇතුළත පොහොර බවට පත් කළා. ඇත්තටම විශ්වාස කරන්නත් අමාරුයි නේද?.