Saturday, January 28, 2012

Power point වලට බායි කියමු !!!

අපි කොහොමද ළමයෙක්ට හරියට උගන්වන්නේ? මේ ප්‍රශ්නය හැම ගුරුවරයෙක්ම තමන්ගෙන් අහන්න ඕනේ දෙයක්. හැබැයි කවදාවත්ම මේකට උත්තරයක් නොලැබෙන තරමට හොදයි  මොකද එතකොට තමයි හැමදාමත් ඉගැනුම් ක්‍රියාවලිය දියුණුවෙන්නේ. 
ඉතින් මමත් පුළුවන් තරම් මේකට උත්තර හොයනවා. විශේෂයෙන්ම අලුත් වන තාක්ෂනය කොහොමද සිසුන්ට ප්‍රයෝජනවත් විදිහට එහෙමත් නැත්නම් ඵලදායි විදිහට ඉගැන්වුම් කටයුතු වලට පාවිච්චි කරන්නේ කියලා.
අද අපේ රටේ සාමාන්‍යයෙන් ඉගැන්වුම් කටයුතු වලට පාවිච්චි කරන මෘදුකාංගය පවර් පොයින්ට් (power point) පමණයි. එකත් හරියට යොදාගන්නවද කියන දේ ගැනත් අපි ටිකක් හිතන්න ඕනේ.  හුග දෙනෙක් කරන දෙයක් තමයි තමන්ගේ සටහන (note) සම්පුර්ණයෙන්ම  slide වලට යෙදීම. ගුරුවරයෙක් විදිහට මේ විදිහට දේශනය (lectures) පැවැත්වීම හරිම ලේසියි. ඇයි ඉතින් whiteboard එකේ හරි blackboard එකේ හරි ලියන්න ඕනේ නෑ නේ. හැබැයි ඉතින් වැඩක් නෑ මොකද ළමයි ඒ ක්‍රමයෙන් ලොකු දෙයක් ඉගෙන ගන්නේ නෑ. සටහන නම් සම්පුර්ණයෙන්ම ලියාගෙන යාවි නමුත් lecture එකේ හරි අරමුණ ඒක නෙමෙයිනේ. සාමාන්‍යයෙන් හුග දෙනෙකුට ඒ වගේ presentation එකක් දකින කොටත් නිදීමට වෙනවා. ඒ නිසා lectures වලට multimedia යොදාගන්න කොට අපි ටිකක් කල්පනාකාරී වෙන්න ඕනේ. ඔන්න ඔය අතරෙදි තමයි මට prezi හම්බවුනේ. 


Prezi වල තියෙන වටිනාම දේ තමයි යම් මාතෘකාවක තියෙන අනු කොටස් කොහොමද ප්‍රධාන මාතෘකාවට සම්බන්ධ වෙන්නේ කියන ඒක බොහොම පැහැදිලිව පෙන්වන්න පුළුවන් වීම. ඒ නිසා lectures සාමාන්‍ය මට්ටමට වැඩ ක්‍රියාශීලි ලෙස කරගෙන යන්නත් පුළුවන්.


මේ තියෙන්නේ මම ඒ විදිහට හදපු පාඩමක්. හැබැයි තවම ගෝලයන්ගෙන් මේ ගැන ප්‍රතිචාර නම් ලබාගන්න බැරි උනා. කොහොම උනත් මම හිටන්නේ මේක power point එකට වැඩිය හොදයි. ඔයාලටත් පුළුවන් මේක තමන්ගේ presentation වලට පාවිච්චි කරලා බලන්න.

Tuesday, October 11, 2011

කන්න අතට ගත්ත දේ කටේ දමා ගමු


2007 දී ඕස්ට්‍රේලියාවට එක්ක පැරදුනු අවසන් තරගය
ගැනද වැඩිය දුක?
2011 දී ඉන්දියාවට එක්ක පැරදුනු අවසන් තරගය
ගැනද වැඩිය දුක?
කියල ඇහුවෝතින්
හුග දෙනෙක් කියාවි
ඒ ඉන්දියාව එක්ක තරගය කියලා.
ඇයි ඒ?
අපිට ඒක දිනන්න තිබ්බ එකක්. දිනන්න පුළුවන් එකක්
රටක් විදිහට අද අපි ඉන්නෙත් දිනන්න පුළුවන් තත්වෙක නේද?
යුද්ධය නිමා වූ රටක්
තුනෙන් දෙකක බලයක් ඇති රටක්
ස්වභාවික උවදුරු නැති රටක්
අළුත් ආත්ම විශ්වාසයකින් යුතු මිනිසුන් සිටින රටක්
අළුත් බලාපොරොත්තු සහිත රටක්
ඒත් අපි පැරදුනෝතින්
අනාගත පරපුර අපි හැමෝටම සාප කරාවි
මේ අපේ අගනාම මෙන්න අවසාන අවස්ථාව නිසා
දැන්වත් මෝඩ වැඩ නොකර
හරි දේට හරි කියමු
වැරදි දේට වැරදියි කියමු
පාට පාට කණ්නාඩි ඉවත දමමු
අතීතය ගැන පසු නොතැවෙමු
අතීතයෙන් පාඩමක් ඉගෙන ගෙන
අනාගතයට රටක් ඉතිරි කරමු.

Thursday, August 11, 2011

සිංහල ‍‍බෞද්ධ සංස්කෘතිය මත පදනම්ව විද්‍යාවක් බිහි කළ හැකිද?


මුලින්ම කියන්න ඕනේ මම කවදාකවත් මහාචාර්ය නලීන් ද සිල්වා මැතිතුමාගේ අනුගාමිකයෙකුවත් එතුමාව දැඩි ලෙස විවේචනය කරන්නෙකුවත් නොසිටි බව. උසස් පෙළ සමත් වීමෙන් පසු එතුමාගේ විද්‍යා කතන්දර කෘතිය මිලට ගත්තත් අද වනතුරු හරියට කියවලා නොතිබුනත් ( දැන්නම් කොහොම හරි කියවන්න ඕනේ) එතුමාගේ මතය එතුමාගේ වචන වලින්ම අහගන්න ආසාවක් හිතේ අස්සක මුල්ලක සැගවිලා තිබුනා. ඇත්තටම අපි යමක් පිළිගන්න හරි විවේචනය කරන්න හරි කලින් ඒ සම්බන්ධයෙන් හොද අධ්‍යයනයක් කරන්නට අවශ්‍යයි. කෙසේ වුවත් එතුමගේ දේශන සොයාගෙන ගොස් සහභාගී වීමට කරම් උනන්දුවක් මා තුළ නොමැති වූ බවද පිළිගන්නටම ඕනේ කාරනයක්.

ඉතින් මට මේ සදහා හොද අවස්ථාවක් ඊයේ දිනයේදී උදාවුනා. ඒ එතුමාගේ දේශනයක් අපගේ විශ්ව විද්‍යාලයේදී පැවැත්වූ බැවින්. මාතෘකාව වුනේ "සිංහල ‍‍බෞද්ධ සංස්කෘතිය මත පදනම්ව විද්‍යාවක් බිහි කළ හැකිද?" යන්නයි. පැහැදිලිවම කියනවා නම් බලාපොරොත්තු වූවාට වඩා හිතන්නට යමක් ඉතිරි කළ දේශනයක් ලෙස එය හදුන්වන්ට පුළුවන්. නිතර බ්ලොග් නොලියන මම මේ සම්බන්ධයෙන් සටහනක් තබන්නට කල්පනා කලෙත් ඒ නිසයි.


හැබැයි මේ කතාව අහලා මම එතුමාගේ අනුගාමිකයෙකු වුනේ නෑ. නමුත් එතුමා කියන කතාවේ ඇත්තක් පදනමක් තියනවා කියන එක නම් තේරුම් ගත්තා. ඒක මගේ ජීවිතයට බොහොම වැදගත් වන බව දැනුනු නිසයි ඒක බෙදා හදා ගන්නට මෙහි අවේ.

එක එක පාට කණ්නාඩි දාගෙන බලන්නේ නැතුය පුළුවන් තරම් මධ්‍යස්ථව හා උපේක්ෂාවෙන් මේකට ඇහුම්කන් දීලා බලන්න

Friday, June 17, 2011

දක්ෂිණලංකා අධිවේගී මාර්ගයේ අලුත් පින්තූර

දක්ෂිණලංකා අධිවේගී මාර්ගයේ අලුත් පින්තූර ටිකක් හම්බ වුනා.