Wednesday, September 16, 2009

නොකියාම බැරි නිසා කියන කුණු කතාවක්.

‍ මේ දවස් ටිකේ සෑහෙන්න කාර්ය බහුල නිසා මුකුත් ලියන්නෙ නැතුව ඉන්නයි හිටියේ. ඒ වුනත් අද වෙච්ච දේ නොකියාම බැරි නිසා පුළුවන් තරම් කෙටියෙන් කියලා දාන්නම්.

මම ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ අපේ රටේ විතරක් නෙම් මුළු ලෝකෙම තියෙන කුණු ප්‍රශ්නය ගැන. (සමහරු හිතාගෙන ඉන්නේ ඒක තියෙන්නෙත් අපේ රටේ විතරයි කියලනේ). ඉතින් මේකට අපූරු විසදුමක් අපේ රසායන හා ක්‍රියාවලි පිළිබද ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ හිටපු අංශ ප්‍රධානී මෙන්ම විශිෂ්ඨ ඉංජිනේරු වරයෙක් වන S.A.S. පෙරෙරා මහතා විසින් සොයාගෙන තියෙනවා.

ඒ ගැන කෙටි විස්තරයක් විතරක් මම දැනට කරන්නම්. දැනට ලෝකය පුරාම සිදුවන්නේ කුණු ක්ෂුදු ජීවීන් මගින් දිරාපත් කරවීමයි. (Digestion) නමුත් මිනිසා කුණු නිපදවන වේගයට අනුරූපීව ඒවා දිරාපත් කළ නොහැකි නිසා ලොව පුරාම කුණු කදු ගොඩ නැගෙනවා. මෙම තාක්ෂණය සම්පූර්ණයෙන්ම මිනිසා විසින් පාලනය කරන අධිවේගී ජීර්ණ ක්‍රියාවලියක්. මෙම තාක්ෂණයෙන් ඕනෑම කාබනික හෝ රසායනික අපදුව්‍යයක් පැය කිහිපයකින් ජීර්ණය කර කාබනික පොහොර බවට පත් කරන්න පුළුවන්.

අද අපි විශ්ව විද්‍යාලයේදී මෙය ප්‍රායෝගිකව අත්වින්දා. වෙළද පොළේ ඉතිරි වූ මාළු, ආපනශාලාවේ ඉතිරි වූ ආහාර , ලී කුඩු, වැසිකිළි පද්ධදියේ ඉතිරි වන අපදුව්‍යය (sewage sludge) ආදිය පැයක් ඇතුළත පොහොර බවට පත් කළා. ඇත්තටම විශ්වාස කරන්නත් අමාරුයි නේද?.

9 comments:

  1. හොද විසදුමක් වෙයි.

    ReplyDelete
  2. මේ ගැන තාක්ෂණික විස්තර දැන්මම ලියන්න එපා. දන්නවනෙ සුද්දෙකුට ඕක මාට්ටු වුණොත් පේටන්ට් එකක් ගයි. එතකොට අපිට හුලං. ඒක හින්දා තාක්ෂණික විස්තර අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කරනවානම් ඒ ආචාර්ය වරයාගේ අවසර අරගෙන කරන්න.

    මේක සිංහලෙන් තමයි ලියලා තියෙන්නෙ. ඒත් ඉතින් කාටහරි කෙනෙකුට පරිවර්තනය කරලා සුද්දෙකුට විකුණන්න බැරිකමක් නැහැනෙ. එහෙම දේවල් වෙලාත් තියෙනවනේ

    ReplyDelete
  3. @ චානක
    ඔව් ඒක තමයි. තාක්ෂණික විස්තර නම් මෙහෙම පළ කරන්නෙ නෑ. අපේ රටේ මෙහෙම දේවලුත් වෙනවා කියලා කට්ටිය දැනුවත් කරන්න තමයි මෙහෙම හරි පළ කරන්න හිතුවේ.

    ReplyDelete
  4. Awesome! පට්ට මචං. මේකටවත් අපේ රටෙන් සහයෝගයක් ලැබුණා නම් ගොඩ! චානක කිව්ව ඒක ඇත්ත තමා මචං, ඒ ගැනත් හිතන්න. ඒකට තවත් හේතුවක් තමා මම කලින් කිව්ව හේතුවත්. :(

    ReplyDelete
  5. Ela ela! .. wadaath hoda me topik eke header eka!

    ReplyDelete
  6. හොඳ සොයා ගැනීමක් ගැන වටිනා ලිපියක්...මේක මෙතනින් නවත්තන්නේ නැතිව ඔය පර්යේෂණයේ ඉදිරිය ගැනත් වරින් වර දැනුවත් කරන්න.
    මොකද ඔහොම දේවල් කොයි තරම් ආවත් අන්තිමට වෙච්ච දෙයක් හොයා ගන්න බැරිව යනවා අපේ රටේ...මම වරින් වර පත්තරවල කියෙව්වා පොලිතින් වලින් පෙට්රල්..වතුරෙන් දුවන කාර්...ගුවන් ගත කරප් පාරුවක් වගේ යානාවක්..
    ඒත් අන්තිමට විසිල් විතරයි බල්ටි ගැන ආරංචියක්වත් නැහැ..හරියට අපේ රටේ තෙල් සොයා ගන්නවා වගේ..

    ඒ හින්දා අඩුම ගානේ මාස දෙක තුනකට සැරයක්වත් මේකට මොකද උනේ කියලාවත් දන්වන්න...
    ස්තූතියි...

    ReplyDelete
  7. ප්ලාස්ටික් වලින් පෙට්‍රල් ව්‍යාපෘතියේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව ඉදිරියට යන බව කියන්නට සතුටුයි

    ReplyDelete